Thursday, May 14, 2015

ගැහැණිය යනු කව්ද?

        ගැහැණිය යන මාතෘකාව ගැන කතා කිරීමට පිරිමියෙකුට අයිතිය තිබේද යන්න මාහට අවබෝධයක් නැත. ගැහැණිය තේරුම් ගැනීම යනු පොතක් නම් එහි වෙලුම් සංඛ්‍යාව ලොව විශාලම පුස්ථකාලය පිරවීමට තරම් සමත් යැයි මට සිතේ. දැනට ජීවත් වන බුද්ධිමත්ම මිනිසා වන භෞතික විද්‍යාඥ ස්ටීවන් හොකීන්ස් පවා කියන්නේ ඔහුට තෙරුම් ගැනීමට අපහසුම දේ ගැහැණිය බවයි. ඉතින් අප ගැන කවර කතාද?.
          මගේ හැගීම නම් කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය පරාජය විය යුතුමය. එවිට ඔහු ලෝකය තේරුම් ගැනීමට උත්සහා දරණවා නියතයි. එහිදී ප්‍රධාන තැන හිමිවන්නේ ගැහනිය නම් උප ප්‍රධාන මාතෘකාවටය. සෙවීමට ගොස් අතරමං වෙන්නේද ඒ තුලමය. ඉතා අමාරුවෙන් සොයාගත් කාරනා කිහිපයක් ගැන කතා කිරීමටයි මේ වෑයම. නමුත් එය පහසු කටයුත්තක් නොවේ. ගැහනුන් කිව්වම විවිදාකාරය. එකෙකුට එකෙක් කිසි සේත්ම සමාන නොවේ. ගැහනුන් නිතරම උත්සහ කරන්නේ අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට තරම් හේතුවකි.ඉහත කී කාරණයට එය හොඳ ශාක්ෂියක් ලෙස මා සිතමි. ඒ නිසාම ඔව්න් තුල එක සමාන අදහස් හා මතිමතාන්තර පිහිටන්නේ කලාතුරකිණි. පිරිමින් තමා ගැන කෙතරම් අවධානයෙන් ඉන්නේද යන්න ඔව්න්ට වදදෙන අනෙක් ප්‍රබල ගැටලුවක් වෙයි. එසේ සිත්න්නේ අනිත් ගැහැනුන්ට වඩා තමන් කෙතරම් සුවිශේශද යන්න  පිලිබඳ දැඩි ප්‍රේහේලිකාවක් ඔව්න්ගේ සිතට වදදෙන නිසාවෙනි.
         මනෝ විද්‍යාවට අනුව ගැහැනිය අවධානය යොමුකරන්නේ තමාගේ දෙපසටය. පිරිමියෙකුට සාමාන්යෙන් පේන්නේ අංශක 100 වගේ ප‍ටු පරාසයක් වන අතර ගැහැනියට අංශක180 ටරම් පුලුල් පරසයක් පෙනෙන්නේ යැයි කියයි. ඔව්න් නැතිවූ දේවල් සෙවිමේදී පිරිමින්ට වඩා දක්ශ වන්නේ එබැවිනි. පිරිමින් තමාගේ ඉදිරිපස ආරක්ෂා කරන අතර ගැහනිය දෙපස ආරක්ෂා කරයි. පිරිමින්ට තමගේ ශරීරය යාන්තමින් වත් නොපෙනෙන අතර ගැහනියට එසේ නොවේ. එමනිසා තමාගේ සියොලඟ ගැන පිරිමින්ට වඩා ගැහැනුන් අවදානෙන් සිටින්නෝ වෙයි. එනිසාම දිලිසෙන දේවල් පැලදීමට ඔව්න් නිතරම උත්සහ කරති.
        බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක්  ඇත. මම හිතන්නේ ගැහැනියෙකුට ආශාවන් ප්‍රහීණ කිරීමේ හැකියාව පිරිමියෙකුට වඩා බොහෝ අඩුය. පිරිමින්ට තරම් අවබෝධයේ හැකියාවත් අඩුය. පිරිමින් එකම අරමුණක වැඩ කිරීමට දක්ෂ වන අතර ගැහැනියට ඒ හැකියාවද අඩුය. එමෙන්ම ඉවසීම හා දරාගැනීමේ හැකියාවෙන් ගැහැනිය ඉතා පොහොසත් ය. පිරිමියෙකු කිසිම ලෙසකින් දරුවෙකු බිහිකිරීමේ වෙදනාව විඳින්නට හිතන්නේවත් නැත. වින්දත් එය දෙවරක් විදින්නට කොහෙත්ම සූදානමක් නැත. නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව කිහිපවතාවක් විඳිමට තරම් ශක්තිමත්ය නැතහොත් මෝඩය.
         දැන් කියන්නට යන්නේ මගේ සොයාගැනීමයි. ගැහැනු  ඔව්න්ටම ආවෙනික වූ සිහින ලොවක ජීවත් වෙති. සෑම ගැහැනියෙකුම තමන් විසින්ම මවාගත් සිහින කුමාරයෙකුට කුඩාකල සිටම ආදරය කරති. ඔවුන් ඒ පරිපූර්ණ පිරිමියා සොයමින් මැරෙන තුරුම ජිවත් වෙති. ගැහැනියක් එම සිහිනයෙන් අවදි වන්නේ ඉතමත් කලාතුරකිනි.
                                                       (හීලෑ නැති එකා)