වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය
එදා කොල්ලෝ විහිලුවට කිව්වේ වදුරව කැම්පස් කියාය. වෙනත් පාසල් සිසුන් මෙම විද්‍යාලයට
කියන්නේ වන මැද සැන්ට්‍රල් කියාය. එදා ඒ තරමටම පාසල හරිතාකරයකි. බස්නාහිර පලාතේ
වඩිම ගස් කොලං ප්‍රමාණයකට උරුම කම් කියූ මෙම විද්‍යාලයට වෙනත් පාසැල් සිසුන් පවා
"අනේ අපිටත් මෙහෙම පරිසරයක් ඇත්නම්" යැයි වර්ණානා ලැබූ පරිසරයක් එහි
තිබූ බව කිව යුතුය. මෙහිදී ඩඩ්ලි සර් ගැනද කිව යුතුය. ඔහු එම පරිසර වාදියාය.
සිසුන් ඔහුට "පැලයා" යැයි ඇමතුවේ එබවිනි. එකල සිසුන් පරිසර වේදීන් කලේ
ඔහුය. 2002 පාසලට ඇතුලු
වූවෝ ඔහුගැන දන්නා අවසන් සිසුන් නොවුනත් ඩඩ්ලි සර් ව හොදින් හදුනා ගත්තේ ඔව්න්
පමනි.
මෙපමණ කාලයක් සිටි විදුහල්පතිවරු එම පරිසරය රැකීමේ මහඟු මෙහෙවරේ
උරුමක්කාරයෝ වූහ. නමුත් වත්මන් විදුහල්පති, "ඇස්.ඒ.ඇල්.බී.සිරිමාන්න" මහතාගේ ආගමනය එය
වෙනස් කල, අපූරු වන හතුරා ගැන කිව යුතුය. පලමුවෙන් ඔහු කපාදැමුවේ ප්‍රධාන ශාලාව ලඟ
තිබූ අඹ ගසය. එදා සිටි සිසුන්ට එය මතක ඇති යැයි විශ්වාශ කරමි. එදා සිසුන් ඊට විරුද්ධ වීමේදී ඔහු පවසා සිටියේ
ඒ ගස ඉතාම පැරණි හා දිරා ගිය බැවින් සිසු ආරක්ශාව පතා එසේ සිදුකල වගයි. ඊට පසු
ඇකේශියා ගස් පමණක් කපන බවට ඔහු සිසුන්ට පොරොන්දු විය. මන්ද ඇකේශියා නම් ගස් ලංකා
පොලවට හානියක් බැවිනි. සිසුන් පරිසර අරගලය නවතා දැමූ අතර 2011 උසස් පෙල
සිසුන් පරිසරය වෙනුවෙන් හඬ නැගූ අවසන් පුරුකද වන්නේය. ඔවුන් පාසැල අතහැර දමා ගොස්
වසරකට පසුව දකින්නට හැකිවුනේ ප්‍රදාන ශාලාව ඉදිරිපිට ඉතිරි අඹ ගස්ද කපා කිසිදු
හෙවනක් නැති තාල වර්ගයේ ගස් වර්ගයක් සිටුවා ඇති අතර ගෘහවිද්‍යා කාමරය අසල තිබූ
විශාල සියබලා ගස් කපා කන්තාරයක් කර ඇති අයුරුය. අද වන උයනක් පාසලට නැත. ජපානෙන්
පැමින සැදු ජපන් කැලය අද නැත.
දැන් සිටිනා සිසුන්ට පරිසරය ගැන වෙටහීමක් නැති අතර. ගසකට අත තබනා විට ඒගැන
විචාරන්න තරම් කොන්ද පන නැත. එකල ආදි සිසුන්ටත් ඒ කක්කුම ගිලිහී ගොසිනි. ඩඩ්ලි සර්
වලලපු තන් වල දැන් ගසුත් පැලවෙලාය. විදුහල්පති භීතිකාවෙන් ගුරුවරුද නිහඩය. සිසු
ඉහමොල රත් වී ඇත ලඟකදී සිසුවියක් සියදිවි නසාගත්තේ එබැවිනි. පරිසර දිනයක්
සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි. හැබැයි විල්පත්තුව රැකීමට පෙලගැසෙන්නෝ බොහෝය.