මිතුරන් ගැන කියන්නට දේවල් ගොඩකි අත්දැකීම් ගොඩකි. මිතුරන් දැනෙන්නට
පටන්ගන්නේ අහම්බෙනි. මිතුරන් පසමිතුරන් වන්නේත්, සුමිතුරන් වන්නේත් දැනුනාට පසුවමය. ලෙල්ලාද මට
දැනුනේ අහම්බෙනි. ලෙල්ලා කළුතර එකෙකි. විශ්වවිද්‍යාලයේ කාලයක් තිස්සේ එකට
හිටියත් එක බොඩිමේ මාස දෙක තුනක් හිටියත් අප බොහෝ කාලයක් යන තුරු එකිනෙකාව හදුනාගත්තේ
අඩුවෙනි. දිනක් අපි බොමු ඇයි මා කල ආරාධනාව
පිලිගත් ලෙල්ලා මන් ගාව තියනව VAT69 තුන් කාලක් මම එක අරගෙන එන්නම් යැයි කියද්දී
මම සිනාසුනා පමනයි. ඊට පසුදා බොඩිම සූදානම් කල මම නාකියා ගෙන ලක ලෑස්ති වුනෙමි.
හරි අපූරුයි මහත්තයෝ මෙන්න මූ එනව බොතලේ උස්සගෙන. ලඟ කඩෙන් බිත්තර අරන් ඇවිත් කට
ගැස්ම හදාගත් අපි බොතලේ පැදුර උඩ තියාගෙන අනිත් උන්
එනකන් බලාගෙන ඉන්නවා. උන් එනව එනව කිය කියා දුර බණයට කිව්වට මුන් ගාටනවා. කොහොමත්
කඩපු බොතලේ නෙ අපි ශොට් දෙකක් ඇනගමුද? ලෙල්ලගේ වචන වලට පස්සේ මමත් බෑකියයි ඈ.
ගෑනි හෙලුවෙන් ඉද්දි මොන පිරිමියද බලන් ඉන්නේ කියලා මමයි ලෙල්ලයි දෙකක් ඇනගත්තා.
අපි කතා කලා. ගොඩක්ම සාහිත්‍ය, පොත පත ගැන. සිංදුත් කිව්වා සින්දුවේ
අර්තය,භාවය ගැනත් කතා කලා. දෙන්නම කළා කාමියෝ කියල දැන ගන්න ,
එකිනෙකාව
තෙරුම් ගන්න VAT69 ගොඩක් උදවු කලා.
ටික
වෙලාවක් යනකොට මෙන්න අනිත් උන් එනවා. බොතලේ බගයක් විතර ඉතුරුයි. බොන්න ඉන්නව පහක්
විතර. අපිට බැන බැන උන්ටිකත් බීලා නිදාගත්තා. මායි ලෙල්ලයි ආරුවයි විතරයි.
සිංදුවක් කියනවා කතා කරනවා. තිබ්බ වෙරි ඔක්කෝම බැස්සත් වැඩේ නවැත්තුවෙ නෑ.
හැන්දෑවෙ හයට පටන් ගත්තු වැඩේ ඉවර වෙනකොට පාන්දර හයයි. ඉතින් දෙන්නම නිදාගත්තා.
ඇහැරිලා බලනකොට ලෙල්ලා බොඩිමේ හිටියේ නෑ. එතකොටත් වෙලාව එකොලහයි. වට පිට බලපුවාම
මේසේ උඩ මොනාදෝ පිලිවලට ලියපු කොල කෑල්ලක් තිබුනා.
11.09.14
පැදුරට හොරා මා යනවා ප්‍රිය__ මිතුරේ
රසයක් දැනෙයි සිතිවිලි වල අප __අතරේ
මූඩියේ ශොට් එකද උරුමය මේ __සසරේ
ගුදමක්වත් අරන් කලුතර වරෙන් __චොරේ
--ලෙල්ලා--
මමත් ඉතින් එදා දෙන්න බැරුව ගිය පිලිතුර අද දෙන්නම් කෝ...
මිතුරන් ලෙසින් සතුරන් සිටිනා __කතරේ
කාන්තාර කුසුමකි හමු වුනු __සසරේ
ගුදමක් බොන්න අදහස දාපන් __කෙසුරේ
වතුර හරි බිබී ඉදිමුකො __නිරන්තරේ
--හීලෑ නැති එකා--
Patta....
ReplyDeleteආවට ස්තූතියි
Deleteවැට් හැට නමය එළ බීමක් වුව සබඳ
ReplyDeleteතුන් කාලක් දෙන්නෙකුටත් මදි නොවෙද
ඕකෙන් වෙරි වෙන්නෙ හරි හෙමිහිට නේද
එනිසා පුරුදු ගල් බොමි වෙඩි වගෙ නොවෙද
(හුදී ජන පහන් සංවේගය සඳහා පමණකි. මටනං ගල් අරහං...)
මූඩියේ ශොට් එකද උරුමය මේ __සසරේ
Deleteගුදමක්වත් අරන් කලුතර වරෙන් __චොරේ
පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ
Deleteඔබ සෙවනැල්ලේ, දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ,
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
බොදුදම මැද මියැදී අවසානය
(නිරන්තරේ කියන වචනෙ රැව්දුන්නා හිතේ.... ඒකයි මේ...)
වැට් තුන් කාලකට සගයන් පස් දෙනෙකි
ReplyDeleteදහයක් එක්ක ගැහුවත් මටනම් සැපකි
කැම්පස් කාලේ වැට් යනු රන් මසු දහකි
ලෙල්ලා චොරේ සෙට් වෙමු ළඟදිම දොහකි
ලෙල්ලට තෙල ගහනව බ්ලොග් ලියවන්න
Deleteමම එක්කන් එන්නම් හොදටම බොන්න
mathak unata sthuthi machan.kawikarayo tika aduraganna asai.kawi dekkama hitha popiyanawa.kawi walata sinhala akuren reply karanna taram takshanayak ne.wede supiri.suba anagatayak!
ReplyDeleteඅපි නම් අමද්‍යප.. ඒත් කවි ටික ගති..
ReplyDeleteකතාව කලින් අහල තිබුනා.. පිලිතුරු කවිය පට්ට..
ReplyDeleteදැන් ඉතින් දැක්කනේ
Deleteඋඹලා ඉතින් හැමදාම බොන එකමනේ වැඩේ....
ReplyDeleteඅපි වගේ නොබී වෙරි වෙයන්කෝ...
මල ජරාව ඕව බොන්න එපා. ගල් බෝතලයක් බීහල්ල.
ReplyDeleteඅපිටනම් ඉතින් වදිනවනම් කරන්ට් එක උනත් කමක් නෑ
Deleteවෙරළු ගෙඩිය අටට කපා කෑවෙ අපී
ReplyDeleteයහළු කමට භාගෙත් පහකට බෙදුනී
පාළු මකපු හැට නමයට හිස නමමී
ලෙල්ල නෙමෙයි උඹෙ මදයට රහ වැටුනී