Friday, June 5, 2015

වේයන්ගොඩ බණ්ඩාරනායක ම.ම.වි, පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය එදා කොල්ලෝ විහිලුවට කිව්වේ වදුරව කැම්පස් කියාය. වෙනත් පාසල් සිසුන් මෙම විද්‍යාලයට කියන්නේ වන මැද සැන්ට්‍රල් කියාය. එදා ඒ තරමටම පාසල හරිතාකරයකි. බස්නාහිර පලාතේ වඩිම ගස් කොලං ප්‍රමාණයකට උරුම කම් කියූ මෙම විද්‍යාලයට වෙනත් පාසැල් සිසුන් පවා "අනේ අපිටත් මෙහෙම පරිසරයක් ඇත්නම්" යැයි වර්ණානා ලැබූ පරිසරයක් එහි තිබූ බව කිව යුතුය. මෙහිදී ඩඩ්ලි සර් ගැනද කිව යුතුය. ඔහු එම පරිසර වාදියාය. සිසුන් ඔහුට "පැලයා" යැයි ඇමතුවේ එබවිනි. එකල සිසුන් පරිසර වේදීන් කලේ ඔහුය. 2002 පාසලට ඇතුලු වූවෝ ඔහුගැන දන්නා අවසන් සිසුන් නොවුනත් ඩඩ්ලි සර් ව හොදින් හදුනා ගත්තේ ඔව්න් පමනි.
      මෙපමණ කාලයක් සිටි විදුහල්පතිවරු එම පරිසරය ‍රැකීමේ මහඟු මෙහෙවරේ උරුමක්කාරයෝ වූහ. නමුත් වත්මන් විදුහල්පති, "ඇස්.ඒ.ඇල්.බී.සිරිමාන්න" මහතාගේ ආගමනය එය වෙනස් කල, අපූරු වන හතුරා ගැන කිව යුතුය. පලමුවෙන් ඔහු කපාදැමුවේ ප්‍රධාන ශාලාව ලඟ තිබූ අඹ ගසය. එදා සිටි සිසුන්ට එය මතක ඇති යැයි විශ්වාශ කරමි.  එදා සිසුන් ඊට විරුද්ධ වීමේදී ඔහු පවසා සිටියේ ඒ ගස ඉතාම පැරණි හා දිරා ගිය බැවින් සිසු ආරක්ශාව පතා එසේ සිදුකල වගයි. ඊට පසු ඇකේශියා ගස් පමණක් කපන බවට ඔහු සිසුන්ට පොරොන්දු විය. මන්ද ඇකේශියා නම් ගස් ලංකා පොලවට හානියක් බැවිනි. සිසුන් පරිසර අරගලය නවතා දැමූ අතර 2011 උසස් පෙල සිසුන් පරිසරය වෙනුවෙන් හඬ නැගූ අවසන් පුරුකද වන්නේය. ඔවුන් පාසැල අතහැර දමා ගොස් වසරකට පසුව දකින්නට හැකිවුනේ ප්‍රදාන ශාලාව ඉදිරිපිට ඉතිරි අඹ ගස්ද කපා කිසිදු හෙවනක් නැති තාල වර්ගයේ ගස් වර්ගයක් සි‍ටුවා ඇති අතර ගෘහවිද්‍යා කාමරය අසල තිබූ විශාල සියබලා ගස් කපා කන්තාරයක් කර ඇති අයුරුය. අද වන උයනක් පාසලට නැත. ජපානෙන් පැමින සැදු ජපන් කැලය අද නැත.

    දැන් සිටිනා සිසුන්ට පරිසරය ගැන වෙටහීමක් නැති අතර. ගසකට අත තබනා විට ඒගැන විචාරන්න තරම් කොන්ද පන නැත. එකල ආදි සිසුන්ටත් ඒ කක්කුම ගිලිහී ගොසිනි. ඩඩ්ලි සර් වලලපු තන් වල දැන් ගසුත් පැලවෙලාය. විදුහල්පති භීතිකාවෙන් ගුරුවරුද නිහඩය. සිසු ඉහමොල රත් වී ඇත ලඟකදී සිසුවියක් සියදිවි නසාගත්තේ එබැවිනි. පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි. හැබැයි විල්පත්තුව ‍රැකීමට පෙලගැසෙන්නෝ බොහෝය.

Thursday, May 14, 2015

ගැහැණිය යනු කව්ද?

        ගැහැණිය යන මාතෘකාව ගැන කතා කිරීමට පිරිමියෙකුට අයිතිය තිබේද යන්න මාහට අවබෝධයක් නැත. ගැහැණිය තේරුම් ගැනීම යනු පොතක් නම් එහි වෙලුම් සංඛ්‍යාව ලොව විශාලම පුස්ථකාලය පිරවීමට තරම් සමත් යැයි මට සිතේ. දැනට ජීවත් වන බුද්ධිමත්ම මිනිසා වන භෞතික විද්‍යාඥ ස්ටීවන් හොකීන්ස් පවා කියන්නේ ඔහුට තෙරුම් ගැනීමට අපහසුම දේ ගැහැණිය බවයි. ඉතින් අප ගැන කවර කතාද?.
          මගේ හැගීම නම් කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය පරාජය විය යුතුමය. එවිට ඔහු ලෝකය තේරුම් ගැනීමට උත්සහා දරණවා නියතයි. එහිදී ප්‍රධාන තැන හිමිවන්නේ ගැහනිය නම් උප ප්‍රධාන මාතෘකාවටය. සෙවීමට ගොස් අතරමං වෙන්නේද ඒ තුලමය. ඉතා අමාරුවෙන් සොයාගත් කාරනා කිහිපයක් ගැන කතා කිරීමටයි මේ වෑයම. නමුත් එය පහසු කටයුත්තක් නොවේ. ගැහනුන් කිව්වම විවිදාකාරය. එකෙකුට එකෙක් කිසි සේත්ම සමාන නොවේ. ගැහනුන් නිතරම උත්සහ කරන්නේ අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට තරම් හේතුවකි.ඉහත කී කාරණයට එය හොඳ ශාක්ෂියක් ලෙස මා සිතමි. ඒ නිසාම ඔව්න් තුල එක සමාන අදහස් හා මතිමතාන්තර පිහිටන්නේ කලාතුරකිණි. පිරිමින් තමා ගැන කෙතරම් අවධානයෙන් ඉන්නේද යන්න ඔව්න්ට වදදෙන අනෙක් ප්‍රබල ගැටලුවක් වෙයි. එසේ සිත්න්නේ අනිත් ගැහැනුන්ට වඩා තමන් කෙතරම් සුවිශේශද යන්න  පිලිබඳ දැඩි ප්‍රේහේලිකාවක් ඔව්න්ගේ සිතට වදදෙන නිසාවෙනි.
         මනෝ විද්‍යාවට අනුව ගැහැනිය අවධානය යොමුකරන්නේ තමාගේ දෙපසටය. පිරිමියෙකුට සාමාන්යෙන් පේන්නේ අංශක 100 වගේ ප‍ටු පරාසයක් වන අතර ගැහැනියට අංශක180 ටරම් පුලුල් පරසයක් පෙනෙන්නේ යැයි කියයි. ඔව්න් නැතිවූ දේවල් සෙවිමේදී පිරිමින්ට වඩා දක්ශ වන්නේ එබැවිනි. පිරිමින් තමාගේ ඉදිරිපස ආරක්ෂා කරන අතර ගැහනිය දෙපස ආරක්ෂා කරයි. පිරිමින්ට තමගේ ශරීරය යාන්තමින් වත් නොපෙනෙන අතර ගැහනියට එසේ නොවේ. එමනිසා තමාගේ සියොලඟ ගැන පිරිමින්ට වඩා ගැහැනුන් අවදානෙන් සිටින්නෝ වෙයි. එනිසාම දිලිසෙන දේවල් පැලදීමට ඔව්න් නිතරම උත්සහ කරති.
        බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක්  ඇත. මම හිතන්නේ ගැහැනියෙකුට ආශාවන් ප්‍රහීණ කිරීමේ හැකියාව පිරිමියෙකුට වඩා බොහෝ අඩුය. පිරිමින්ට තරම් අවබෝධයේ හැකියාවත් අඩුය. පිරිමින් එකම අරමුණක වැඩ කිරීමට දක්ෂ වන අතර ගැහැනියට ඒ හැකියාවද අඩුය. එමෙන්ම ඉවසීම හා දරාගැනීමේ හැකියාවෙන් ගැහැනිය ඉතා පොහොසත් ය. පිරිමියෙකු කිසිම ලෙසකින් දරුවෙකු බිහිකිරීමේ වෙදනාව විඳින්නට හිතන්නේවත් නැත. වින්දත් එය දෙවරක් විදින්නට කොහෙත්ම සූදානමක් නැත. නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව කිහිපවතාවක් විඳිමට තරම් ශක්තිමත්ය නැතහොත් මෝඩය.
         දැන් කියන්නට යන්නේ මගේ සොයාගැනීමයි. ගැහැනු  ඔව්න්ටම ආවෙනික වූ සිහින ලොවක ජීවත් වෙති. සෑම ගැහැනියෙකුම තමන් විසින්ම මවාගත් සිහින කුමාරයෙකුට කුඩාකල සිටම ආදරය කරති. ඔවුන් ඒ පරිපූර්ණ පිරිමියා සොයමින් මැරෙන තුරුම ජිවත් වෙති. ගැහැනියක් එම සිහිනයෙන් අවදි වන්නේ ඉතමත් කලාතුරකිනි.
                                                       (හීලෑ නැති එකා)

Sunday, April 26, 2015

වතුර හරි බිබී ඉදිමුකො නිරන්තරේ/ VAT69*3/4

මිතුරන් ගැන කියන්නට දේවල් ගොඩකි අත්දැකීම් ගොඩකි. මිතුරන් දැනෙන්නට පටන්ගන්නේ අහම්බෙනි. මිතුරන් පසමිතුරන් වන්නේත්, සුමිතුරන් වන්නේත් දැනුනාට පසුවමය. ලෙල්ලාද මට දැනුනේ අහම්බෙනි. ලෙල්ලා කළුතර එකෙකි. විශ්වවිද්‍යාලයේ කාලයක් තිස්සේ එකට හිටියත් එක බොඩිමේ මාස දෙක තුනක් හිටියත් අප බොහෝ කාලයක් යන තුරු එකිනෙකාව හදුනාගත්තේ අඩුවෙනි. දිනක් අපි බොමු ඇයි මා කල  ආරාධනාව පිලිගත් ලෙල්ලා මන් ගාව තියනව VAT69 තුන් කාලක් මම එක අරගෙන එන්නම් යැයි කියද්දී මම සිනාසුනා පමනයි. ඊට පසුදා බොඩිම සූදානම් කල මම නාකියා ගෙන ලක ලෑස්ති වුනෙමි. හරි අපූරුයි මහත්තයෝ මෙන්න මූ එනව බොතලේ උස්සගෙන. ලඟ කඩෙන් බිත්තර අරන් ඇවිත් කට ගැස්ම හදාගත් අපි බොතලේ පැදුර උඩ තියාගෙන අනිත් උන් එනකන් බලාගෙන ඉන්නවා. උන් එනව එනව කිය කියා දුර බණයට කිව්වට මුන් ගාටනවා. කොහොමත් කඩපු බොතලේ නෙ අපි ශොට් දෙකක් ඇනගමුද? ලෙල්ලගේ වචන වලට පස්සේ මමත් බෑකියයි ඈ. ගෑනි හෙලුවෙන් ඉද්දි මොන පිරිමියද බලන් ඉන්නේ කියලා මමයි ලෙල්ලයි දෙකක් ඇනගත්තා. අපි කතා කලා. ගොඩක්ම සාහිත්‍ය, පොත පත ගැන. සිංදුත් කිව්වා සින්දුවේ අර්තය,භාවය ගැනත් කතා කලා. දෙන්නම කළා කාමියෝ කියල දැන ගන්න , එකිනෙකාව තෙරුම් ගන්න VAT69 ගොඩක් උදවු කලා. ටික වෙලාවක් යනකොට මෙන්න අනිත් උන් එනවා. බොතලේ බගයක් විතර ඉතුරුයි. බොන්න ඉන්නව පහක් විතර. අපිට බැන බැන උන්ටිකත් බීලා නිදාගත්තා. මායි ලෙල්ලයි ආරුවයි විතරයි. සිංදුවක් කියනවා කතා කරනවා. තිබ්බ වෙරි ඔක්කෝම බැස්සත් වැඩේ නවැත්තුවෙ නෑ. හැන්දෑවෙ හයට පටන් ගත්තු වැඩේ ඉවර වෙනකොට පාන්දර හයයි. ඉතින් දෙන්නම නිදාගත්තා. ඇහැරිලා බලනකොට ලෙල්ලා බොඩිමේ හිටියේ නෑ. එතකොටත් වෙලාව එකොලහයි. වට පිට බලපුවාම මේසේ උඩ මොනාදෝ පිලිවලට ලියපු කොල කෑල්ලක් තිබුනා.

11.09.14
පැදුරට හොරා මා යනවා ප්‍රිය__ මිතුරේ
රසයක් දැනෙයි සිතිවිලි වල අප __අතරේ
මූඩියේ ශොට් එකද උරුමය මේ __සසරේ
ගුදමක්වත් අරන් කලුතර වරෙන්  __චොරේ
                                                                   --ලෙල්ලා--
මමත් ඉතින් එදා දෙන්න බැරුව ගිය පිලිතුර අද දෙන්නම් කෝ...

මිතුරන් ලෙසින් සතුරන් සිටිනා __කතරේ
කාන්තාර කුසුමකි හමු වුනු __සසරේ
ගුදමක් බොන්න අදහස දාපන් __කෙසුරේ
වතුර හරි බිබී ඉදිමුකො __නිරන්තරේ

                                                           --හීලෑ නැති එකා--

Monday, March 30, 2015

කෙකටිය ගාල මැද පිපුණු නෙළුමක්..../ The girl as lotus

එදා නුගේගොඩ නගරය මැද අනේකවිද ෆැෂන්ය. ඒක සාමාන්‍ය වී ඇත්තේ රෙදිපිලි මන්දිර ගොඩක්ම ඇත්තේ කොලඹ නගරයේ වීමය. අනික අවුරුද්දත් කිට්‍ටු කිට්‍ටු ය. ලිංගිකත්වයට උල් පන්දම් දෙන රෙදිපිලි ඇදගත් නන්ගිලා අවුපූටකේ මැද අපේ ඉහ මොල රත් කරන  අතර. වාහන, කාක්කන් සංගීතය සපයමින්  තිබුණි. දහවල් වෙලාව නිසා සීතලෙ අඩුවකුත් නැතිය.
         අප වට කර සිටියේ වග වලසුන්ය. අපූරුය, කලවා පෙනෙන්නට කොටට, කර කපා කාණු පේන්නට අප වට කර සිටි ස්ත්‍රීන් බලන්නට ආසාය. ඇඟේ හිරට කලිසම් ඇඳ අප පහුකර යනවිට ඉන්දියාව පෙනේ ලංකාව ලකුණු කරන්නයි ඕනෑ යැයි මිත්‍රයාට කියවුනේ ඉබේටමය. ඒ නරකාදිය මැද සුන්දර දසුණක් අපි දු‍ටුවෙමු. ඇඟම වෙහෙන්න ඇඳලා සිටි ඒ යෞවණිය මගේ හිත සසල කලා. මම ඇය දෙසම බලාගෙන සිටින විට කාමය පරදා ආදරණීය, ගෞරවනීය හැගීමක් හිතේ ඇඳුනේ අහම්බෙන්. මා මිත්‍රයාගේ මුවින් "මාරයි නේද මචන්" යැයි කිය වෙද්දී මට තේරුණා අර කාමුක ස්ත්‍රී සමූහයා මැද අත් දිග හැට්ටයකින් හා දිගු සායකින් සැරසී සිටි සුන්දරිය සියළු පිරිමින් ගේ නෙත් ඇගේ රූපයේ අමුණා ගත්තා.. සෑම සිතකම පහන් හැගීම් මවමින්..
   

විසල් තුරු මුදුන් නැත
තිබුනේ කාක බෝධිය
සිසිලැති හුස්ම නැත
නැහැයේ වැදුනේ දුම්රො‍ටුය
බැලු බැලූ හැම අත
රෙදි පොඩ්ඩකින් වසාගත්
අඩනිරුවත් ස්ත්‍රීන් වෙත්
අව් රෂ්මිය මැද
රාගයෙන් මත්ව
එහෙ මෙහෙ දුවන
පිරිමින් වෙත්
අත්දිගු හැට්ටයක්
විළුඹටම සායත්
හැදගත් රූ ඇත්තියක්
ඇගේ ලැමේ බරින්
පොළවට ගරුකරන්
ඒ මැදින් මතුවෙත්
කෙකටිය ගාල මැද
පිපුණු නෙළුමක්.... 
                             --හීලෑ නැති එකා--
       

Wednesday, March 25, 2015

මල් පෙති ඉහිරුණු මල් පාරේ/ Road of flowers

විශ්වවිද්‍යාලයේ හවසක කවුරුත් නැති හැන්දෑ යාමයක මල් සුවඳක් රසවිදින්න බමරු ටිකක් රොක් උනා. කේරලයේ අසූචි ගඳ ඔලුව ඔද්දල් කරන නිසා හැමෝගෙම කැමැත්ත වුනේ ලන්කාවේ මල් සුවඳට. හා හොඳයි කියලා ඒකත් හොයාගෙන කෙරවලට ගිනිතියලා පලමු මල් සුවඳ විඳලා. හීනියට ඇහෙන්න කපුගේගෙ සින්දුවක් එකෙක් ෆෝන් එකෙන් දැම්මෙ කාගේවත් ඉල්ලීමට නෙමේ. පුරුද්දට. මේක ඉතින් කන් හොඳට ඇහෙන වෙලාවක් නිසා කවුරුත් සද්ද නැතිව ඇස් අඩවන් කර ගත්තා.. හොඳම ඔරිගාමියා හැරෙන්න  අනිත් කවුරුත් අතපය හකුලගෙන සින්දුවෙම ජීවත් වුනා.

කවුරුත් ඒන්නැති කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි අයේ

සඳකැන් බොඳවුනු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපැදුනු ඉන්ද්‍රචාපයේ
උදානොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු.....

සියොලඟ මීදුම් සලු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මීද්දුම් සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු....

මොකක්ද බන් ඒකෙන් කියන්නෙ.. ලව් සීන් එකක් ද?” ඔන්න එකෙක් සංවාදයට පාර කැපුවා. නෑ යකෝ ඔකේ තියෙන්නේ කොල්ලෝ ගන්න මල් ආතල් එකක්, කවුරුත් ඒන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ.. දවසක හමුවෙමු. හමුවී හිනැහෙමු. හිනැහී වැලපෙමු. අපි අයේ . එක බමරෙක් අනිත් එවුන්ව කොහේදෝ ගිහින් අත හැරියා.. අම්මට... ඒ අදහසනම් පහර ඈ... කොමෙන්ට් ලයික් ගොඩාක් වැටෙන අතරේ එකෙක් ඒකේ ලව් සීන් එකක් කියලා තර්ක විතර්ක දැම්මා.. කපුගේ කියන්නෙ ෆැන්ටසි ආදර ගීත කියපු කෙනෙක් නෙමේ... අනේ මන්දා..එදා මුලු දවසම ආයෙ ආයෙ ඇහුවෙත් කතාකලෙත් ඒ සින්දුවම විතරයි... ‍රැ නිදාගත්තාම එක බමරෙක් අඩුයි කියලා දැනුනු නිසා ටිකක් විපරම් කලා. මේකා ‍රැ කරුවලේ වහලයක් උඩ චිත්‍රයක් අඳිනවා... බාගෙට ඉවර කරපු චිත්‍රය එහේමම තියෙද්දි කොලෙයි පැන්සලයි උදුරගෙන ලියාගෙන ගියා... විශ්වවිද්‍යාලයට ආපු බමරුන්ගේ ආතල් විතරක් නෙමේ, පොතේ කොල අතහැර මල් සිපගන්න බමරුන්ගේ විභාග භීතිකාවත් හීලැ නැති හිත ලියාගෙන ගියා

සොභා සොඳුරු සිහිනයක් දකින්නෙමි
ක‍ටුකොහොලින් යුත් මගකින් විත්
එතැනට ඇවිදින් වී මල් මත්
සොඳුරු ලොවක් ඇත උපයාගත්

තබලා හනමිටි අදහස් පැත්තක
විතර්ක කෙරුවෙමි හෙට හිරු දක්නට
නුරා විරහ රස හොයමින් නිතරම
වසන්ත වල සැරිසරා වෙහෙසගෙන

කොල අතැහැර මල් පමණක් සිපගෙන
කොහෙදෝ වල්මත් වී ඇත ජිවිත
මෙයදො අර්ථය සොඳුරු සිහිනයක
සරසවි වරමින් දික්කල ජීවිත                       --හීලෑ නැති එකා--

Tuesday, March 24, 2015

අපි අධෝමුඛයේ වැස්ලින් ගා සූදානමින් සිටිමු /plzzz(18+)

                                    හරි දැන් අපිට සනීපය. රාජ පාක්ෂික නොවූ හෙයින් එකල අප දේශද්‍රෝහීන්ය. ඉතින් අපි මෛත්‍රී කලෙමු. සැබෑ වෙනසක් සිදුවන තුරු දත කට මැදගෙන බලා සිටියෙමු. වෙනස සිදුවෙමින් පවතී දැන් අපේ කට, මුඛ ස්ංසර්ගයට ඉතාම සුදුසුය. අප මුව අයා සිටින විට ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු මගෙත් කටේ රුවා ගන්න යැයි කියන්නේ, කින්ඩි සිනාවෙනි, එහා පැත්තෙන් මෙහා පැත්තට පනින විටත් උන්ට රෙදි තිබුනේ නැති නිසා වැඩේ මහ අමාරුද නැත. එන කොට උන් ආවේම ප්‍රානවත් ශිශ්ණ සහිතව වීම මෛත්‍රී කිරීමට කරුණකි. මහජනතාවනි අපි ඔවුන්ට වැඩි ආතල් එකක් දෙමු. ශිශ්ණ පමණක් නොව බෝල ද ලෙවකා සන්ත්ර්පණය කරමු...
                  ශිරන්ති බණ්ඩාරනායක මැතිනියට දෝශාභියෝගය ගෙනාවේ පවිත්‍රාය. ඊට ත්‍යගය වශයෙන් අපූරුවට කරගෙන ගිය විදුලිබල අමාත්‍යංශය පාටලීගෙන් උදුරා පවිත්‍රාට ලැබුනේ යැයි අපි ඒකාලේ දැනගෙන සිටියෙමු. අද අපිට සනීපය. පාටලී දැන් පවිත්‍රාට කරද්දී ඇයට කෙඳිරි ගැවෙනවා ඇති. පාටලිගේ දා බිඳු අඳේ තාලයට පැද්දෙන ඇගේ පයෝදර මතට වැටී විසිරී යයි. පාටලීගේ කෙල වලින් පවිත්‍රාගේ තෙත් වූ පයෝදර තුඩු දිලිසෙනා සැටි පෙනෙනවිට ශා..... අපට පෙනෙන මේ නිල් චිත්‍ර පටයෙන් මත්ව ජනතාව ස්වයංවින්දනය ලබති. චන්ද්‍රිකා කුමාරතුන්ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් ඔවුනොවුන්ගේ තොල් පටවල් ලෙවකමින් සිටී මුලින් තිබුනේ සමලිංගික සේයාවක් උනත් නිරුවතින් පැමිණි ඇස්. බී. දිසනායක  චන්ද්‍රිකාවත්  හිරුණිකාවත් නිරුවත් කලේ කැමැත්තෙනි.. මෙවර හිරුණිකා මේ රටේ ගැහැණිය නිරුවත්කලා යැයි කෑමොර දුන්නේ නැත. ඒ වෙනුවට දෙදෙනාම තර‍ඟෙට ඇස්. බී ගේ ඒක කටේ රුවා ගනිති. ටිකකින් ඇස්. බී , හිරුණිකාගේ අතනට දිවෙන් කරන විට  චන්ද්‍රිකා යටින් ඔලුව දමා ඇස්. බී ගේ ඒක කටේ රුවා ගනී. මේ තවත් නිල් චිත්‍ර පටයකි. අපූරුය.  ජනතාවනි අපි ස්වයංවින්දනය ලබමු...
                  දැන් අපට හොරු අල්ලනවා කියූ ජෝන් අමරතුන්ගත් රන්ජන් රාමනායකලා තිරයේ නැත. හීලෑ නැතුව නිදාගත්තාම ‍රැට මට හීන පෙනේ. ඒවාද අපුරුය. බිකිණිය ඇඳගත් රන්ජාට ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු කලවා වල කරති. රන්ජාද කලවා ලං කරන් උඩුබැලි ව නිදාගෙන එන එන මහත්වරුන්ට වැඩි ආතල් එකක් දෙන්නට තොල් ලොවයි. උදේට හිනා නවත්ත ගන්න බොහෝ අමාරුය. ජනතාවනි! අපි සිනා වන්නේ අපිටමය. මේ අපිම කරගත් අපහාසයකි. ජනතාවනි, දැන් අපව නිරුවත් කර හමාරය. අපි අධෝමුඛයේ වැස්ලින් ගා සූදානමින් සිටිමු.  ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු එකිනෙකා අපේ යහනට එන්න පෝලිමේ සිටිති. රනිල් වික්‍රමසිහත් මෛත්‍රී සිරිසේනත් අපේම කාමරය අසල ටිකට් කඩනවා ඇති.  සනීපයි නේද?
                         ඇයි.... තව කවිත් ඕනෙද?

Tuesday, March 17, 2015

ගොං ම තීරණ වලින් එකක්/ thinking part of bull as me

                                                            හීලෑ නෑති හිතට ටිකක් ඩයරිය බලන්න හිතුනා. ඒක ඇතුලේ තිබිලා කොල පාට කඩදාසියක්  බිම වැ‍ටුනා. ඒක ඇතුලේ තිබුනෙ හීලෑ නැති හිත ඒකාලේ පෙම් හසුනක ලියාපු කයියක්. ඒක බලලා අතීතෙ පැත්තෙ ටිකක් කරක් ගහලා එන්න හිත් පොජ්ජ මන්ද කොලා. මම පෙම් කොලා නේද ඉස්සර කියලා මතක් වෙද්දි හිතට ලැජ්ජත් හිතුනා. ඇත්තටම අපි අපිට ලස්සන නෙමේ ලස්සනයි කියලා සමාජයේ සම්මත කරපු කෙල්ලෙක් දාගත්තාම මාර කට්ටක් කනවා. ටිකක් හිතලා බලන්න මගෙම කෙල්ලව මං ඉස්සරාම වෙන කොල්ලො ටෝක් කරද්දි කොච්චර අව්ල් දකෙල්ලට අව්ලක් යයි කියලා අපි සද්ද නොකර හිටිය කියමුකෝ. සමහර වෙලාවට මොකෙක් හරි අපේම එකෙක් මගෙන්ම ඒකි ගැන අහනවා, ඒකත් ඉවසුවා කියමුකෝ. පාරේ යද්දිත් මොකෙක් හරි පස්සෙන් එනවා කියලා ඒකි කියනවා.

                                                   කෙල්ලොත් මාරම ජාතියක්. උන් මාර කැමතියි තමන් ගේ වටිනාකමක් තියනවා කියලා කොල්ලට කියන්න. එහෙම නැත්තම් කොල්ල තමන්ට කොච්චර ආදරේද කියල ටෙස් කොරලා බලන්න. ඉතින් කියාපි  මොකෙක් හරි පස්සෙන් එනවා කියලා. ගොන් කොල්ලොත් ඉතින් කෙල ගන්නවා, අහක යන නෙලුම් කවි මටත් සෙට් වෙලා තියනවා. ඕක තමයි ඉතින් යොබ්බන මධය කියන්නෙ. ඔය කතාව හරියට තේරුම් කරන්න කියලා තමයි පෙම් හසුනට ඒ කවිය ලිව්වෙ... මොනවා කියනවද, ගත්ත ගොං ම තීරණ වලින් එකක් තමයි ඒ...




මගෙ මල වට රඟ දෙන බමරුන් දැක
හද උසි ගැන්වූ හැඩි දැඩි අත පය
නුවනේ ‍රැහැණින් බැඳ හකුලා ගෙන
සයනේ වැතිරී බලා හිදිමි මම

නුබෙන් මතුව වෙන හිතක් නොපැතු පින
ඇතිබව දන්නා බැවින් බියක් නැත
දනිමිය රොන් ගන්නටනම් බැරිබව
නිබේ සුවඳවත් දෙන්න එපා ළඳ

රඟනා බමරුන් වනසා දැමුමට
බොලඳ පෙම්වතෙකු නොවෙමිය කිසි දින
එනිසා මගෙ මල මගෙ හඳ විල මැද
පමණක් පිපිලා සුවඳ දියන් මට                     -හීලෑ නැති එකා-

Saturday, March 7, 2015

මගෙ දෝනිට සම්මා සම්බුදු සරණයි



                වෙනදා වගේ මම ගෙදර එන්න ටිකක් ‍රැ වෙලා කො‍ටුවට ආවා. හිතට හයියට වත්කමක් තිබුනෙ නැතත් පුලෙන්ටියක් බොන්න කියලා ටිකක් කඩේකට ගොඩ උනා.. ඒ කඩේ ඇතුලට ආපු ගැටිස්සියක් මාදිහා බලන් උන්න විදියට  හිත ආයෙත් හීලැ නතිවෙන්න ගත්තා. ශරීරයේ හැටියට කිසිම පෝශනයක් නැති ඇගක් බව දැක්කාම කියන්න පුලුවන්. කඩේ වැඩකරන උන්ගේ කුනු කතා මැදම මොනාදෝ අරගත්ත ගමන් ඒ අහින්සකී වාශ්පවුනා. මහා ලොකු ලස්සනක් නැත්තත් විරූපි මූන පුරා වත්සුනු එමට තිබුනා. නොදැන කරපු බියුටි කචල් තොල් ඇස් දැක්කම කියන්න පුලුවන්. මහා වයසක් නැතුව ඇති ඒත් මේ සමාජය ඒකිව ගොඩක් මෝරවලා.
                     "ගණිකාව" මේක ඕනාතරම් කතා කරපු මාතෘකාවක්. කලා කාරයෝ  නිසාම ගනිකාව අනුකම්පාවට පාත්‍රවෙලා තියන චරිතයක්. මමත් ඕකම කතා කරන්න ගියොත් හීලෑ නැති හිතකින් වැඩක් තියනව ඈ.. අපි ඒ අහින්සකීගේ අම්මා ගැන කතාකරමු. ඇත්තටම ඒ අම්මා මේ දුව ගැන දන්නෙ නැද්ද? මොකෝ නොදන්නේ සමාර විට ඒ අම්මත් කරන්න ඇත්තේ මේ රස්සාවමයි. මොනා උනත් ඔය රස්සාව කරන්න පුලුවන් ඇග වැහැරෙනකම් විතරයි නේ. එදා ඉදන් කන්න දෙන්න වෙන්නෙ ඉතින් දරුවන්ටමනේ. ඈ කරපු දේ දරුවෝ නොදැන හිටියා කියන්න බෑ නේ. දරුවෝ කියන්නෙත් ඔය රස්සාවෙන්ම ලබුණු අර්තසාදකම නේ. ඒත් මේ සමජ විකාශනය ආපහු පරණ තැනටමනේ වෙලා තියෙන්නේ. ඒකම නෙමේද මෙතන තියන අව්ල.
හරි අඩු වචන වලින්ම කියන්නම් කෝ

ඉර බැසගෙන යන               යාමේ
පියරු උලා මුනේ                  සමේ
යාන්තමට පේන                  ලැමේ
දුවටම ගැලපෙන                ඇඳුමේ 

පොත් ටික මල්ලිට             ගන්නට
නන්ගිගෙ කණකර            දිස්නෙට
අදවත් ලිප                මොලවන්නට 
මගේ දුවට සරු                වෙන්නට

සුඛෝපභෝගී යානා ඇගෙ බැල්මෙන්                 නවතින්නයි
මහ ලොකු ලස්සනක් නැතත් වටිනාකම           වැඩිවෙන්නයි
පාන්දරම ගෙදර එන්න මගේ දූට හැකි                     වෙන්නයි
ඇඟ විකුනන මගෙ දෝනිට සම්මා සම්බුදු                  සරණයි
                                                                                                   -හීලෑ නැති එකා-

Saturday, February 28, 2015

ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්/ The other mother

                    කාලෙකට පස්සේ ගමේ ඔහේ අවිදගෙන එනකොට පාලුවට ගිය කෝටි ගානක් වටින ගෙයෙයක් ලඟ හීලෑ නැති හිත ටිකක් නැවතුනා හීලෑ නති එකා හීලෑ කාලේ ඒකිව්වෙ කෝ‍ටුවට දඩුවමට බය කාලේ සෙල්ලම් කරපු. කාපු බීපු තැනක් හින්දා අතීතෙ පොඩ්ඩක් මතක් උනා. අතීතෙ අහක පල කියලා හිතට එන ටික ඔහේ ලියන්න තමාහදන්නේ
                     ආදරය, කසාදය, ලිංගිකත්වය එකිනෙකට පොදු අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැදුනු විශය ප්‍රවාහයන් තුනක්. සතුන්ගෙන් ලිංගික ඉරිශියාව යන මනෝ මූලික කාරණය මිනිසාට තරම් තවකෙකුට ඇති කියල මම දන්න තරමින් හිතන්නේ  නෑ. පිරිමියා වූ කලී එදිරිවදී කම උරුම කරගත්තෙක් නිසා පිරිමින් සතුව  ලිංගික ඉරිශියාව වඩාත් බහුල කාරණයක්. නමුත් ඔව්න් සතුව තරම් අනියම් කාම සෙවනයට තියන නැබුරුව ගැහනුන්ගේ දකින්න අමාරුයි. මම දන්න පුද්ගලයෙක් හිටියා යහමින් තිබුනු කාලයක් තිබුනා. වැඩේ කියන්නෙ මිනිහට එක ගෑනියෙක් නෙමේ තුන හතරක්ම හිටියා.. ඒකත් අපි දන්න විදියට. හබැයි මිනිහා ඒ ගෑනුන්ට සැලකුවා කියලත් ආරන්චියි. හබැයි මම හොදටම දන්න කාරණයක් තිබුනා ඒ කතන්දර ඔක්කෝම එයාගේ බිරිඳ දැනගෙන හිටියා
                               මේ කතාවේ අතුරුකතාවකුත් තියනවා. එක අපි වෙනම කතා කරමූ. කතා කරන්න ඕනෙම මාතෘකාවක් තමා අන්තිමට කිව්වෙ. ගැහැනියක් තමන්ගෙ මිනිහාගෙ වලත්තකම් ඉවසනවා කියන එකේ  මොකක්දෝ අව්ලක් තියනවා. ඇයි අත්තටම එහෙම කරන්නේ. හැමදේම අසික්කිත රාමුව අතුලේ කො‍ටුකරන ගෑනු මේවගෙ දේකට අනේ හොදයි කියන්නෙ ඇයි. ගැහනියක් අසරණයි සමාජය අසල. ලැජ්ජාව, භය, මාතෘත්වය මේ හැමදේම මෙකී කාරණයට බලපානවා ඇති. ආපහු අර කතාවට යමුකෝ.
                        කෝමහරි මනුස්සයගේ ව්‍යාපාර බන්කොලොත් උනා.. අර ගෙවල් දොරවල් පවා විකුනලා යනවා.. මිනිහා වහබොයි කියලා මේ ගෑනි සෑහෙන්න බයවෙනවා. මනුස්සයාගේ තෙලනම් අඩුවෙනවා.. වැඩේ කියන්නේ තියන කාලේ මිනිහා ගෑනිව තබේකට මායිම් කරන්නෙ නෑ. දැන්නම් මිනිහාගේ කටේ තියෙන්නේ "ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්" ඕක කියාගන්න මිනිහට බැදලා අව් රුදු 30ක් විතර ගියා
             
                මගේ සියොලඟ හොරෙන් තැවරුණු
                නාරි වත්සුනු නොදු‍ටු සේ හිඳ
                පහන් ටැබ සේ කිසිත් නොකියා
                නුබේ දෑසම දිලිසුනා

            ශ්‍රියා කත මා උරයේ වඩහුන්
            යුගයේ නුබ අමතක කලා
            මවකසේ නුබ දරා සිටියා
            දෙදෙන දරුවන් නොරිදවා..

                කිතු යසස් මා හැරදමා ගොස්
                මහා කතරක තනිවෙලා
                මගේ පියබඳ නුබම පමනක්
                මවක සේ තනි රකිනවා
                                                         - හීලෑ නැති එකා-

Monday, February 23, 2015

දේශප්‍රේමියාගේ දේශපාලන දැනුම/ Partiot's political knowledge

                           මම පාරේ ඇවිදගෙන එනකොට ලොකු බස් එකක් පුරොලා මිනිස්සු. උන් හිටපු ජනාධිපතිගෙ කොඩි අතේ තියාගෙන කෑ ගහනව.. අව්ලක් නෑ කියමුකෝ. මම හොදට බැලුව බස් එක දිහා අව්දු 50/60ක වයස තියන මිනිස්සු. කොල්ලො කුරුට්ටොත් ඉන්න ඇති. දැක්කෙනම් නෑ. හැබැයි ඒ හැමෝම එකම විදිය.. දැක්කම පේනවා එකම පන්තියක මිනිස්සු බව.. එතන හිටපු මටත් මගෙ යාළුවටත් ඒක මහ විහිලුවක් වගේ උනා.
                          මේක 2005න් වගේ ඇති වූ ප්‍රවණතවක්. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ශ ප්‍රයෝජනයට ගන්නා තුප්පහි ක්‍රමයක්. රු500ටයි බත් එකටයි මිනිස්සු තමන්වම පාවාදීලා. දෙශපාලකයොත් තම පිරිවර පෙන්වමින් තමාගේ හෙලුව වසා ගත්තද මේ රටේ උගත් නැතත් බුද්ධිමත් ජනයා හට  දෙශපාලකයින්ගේ මෝඩකමින් බරවූ අණ්ඩකෝශ රෙද්ද යටින් පේන්න පටන් ගත්තා.. තමන්ව පාවදීපු මිනිස්සුන්ට ඉතිරි වන්නේ ඒ අදාල  දෙශපාලකයාගේ බොරු පවර් එක විතරයි. එය කෙතරම් කෙටිකාලීනද යන්න තීරනය වන්නේ ඒ බොරු පවර් ඇගට ගන්නා හරක් ප්‍රමාණය මතයි.
                          අපේ ගෙවල් ලගත් හිටිය සුපර් මෑන් කෙනෙක්. ගිය ආණ්ඩුව කාලේ මිනිහා තරම් පොරක් ගමේ නෑ. අපිට කරදරයක් නැතත් මිනිහ මහා වීරයා. හැබැයි ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද කියලවත් මිනිහා දන්නෙ නෑ.සමහරු මිනිහව ෆෝම් කලා මහ නගරසභාවටවත් ඉල්ලන්න කියලා.. මේ රටේ මිනිස්සු ඡන්දය පාවිච්චි කලාට ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද  කියලා දන්නෙ නෑ. ඉස්සර ඉදලා මේ රටේ සමාජ අද්්‍යනය, ඉතිහාසය, වගේ විශයන් උගන්නනව.  ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද කියලා ඒවගේ තියනවද? ඒත් න්‍යශ්ටික පවුල, විස්තෘත පවුල කියන්නෙ මොකක්ද කියලනම් හැමදාම උගන්නනව. ඒකට අපි අද්‍යාපන ක්‍රමය කියලත් කියනවා..

                                                  වෙඩි හඩ නිහඩ උනා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා
                                                  සීයට කාර් ගියා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා
                                                  නැව් එනවා කිව්වා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා

                                                  අපි ණය වෙනවා කිව්වා
                                                  දේශප්‍රේමියෝ උට බැන්නා
                                                  සිසුවෝ හඩ නැගුවා
                                                  මාතලන් බයික් එක හප්ප ගත්ත

                                                 අද දේශප්‍රේමියෝ නෑ
                                                 දින සීයෙ කතන්දර නෑ
                                                 කුඩු වික්කට දඩුවම් නෑ
                                                 තාමත් අව්ලක් නෑ

Monday, February 16, 2015

පිස්සු ආදරය / crazy love


මම මේ කියන්න යන කතාව මුදලාලිලා හම්බ කරන වැලන්ටයින් කලෙට කොහොම ගලපන්නද කියලා නම් දන්නෙ නෑ. එත් ආදර කතාවක්ම තමයි... ඔන්න කොල්ලෙක් හිතනවා එයාට කෙල්ලෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා..ඌත් ඉතින් පොර වගේ රඟනවා, මූ පිස්සෙක් මුට ටික දවසකින් ඕක ගානක් නැතිව යනවා.... මූ කිසිම වගකීමක් ඔලුවට ගන්නෙ නැති එකෙක්. .මූ ඔහොම ඉන්නකොට කෙල්ලට තව කෙනෙක් ලං වෙනවා... මූ ඒත් එක ගනන්ගන්නෙ නෑ..  අයෙ ටික දවසකින් ආරන්චි වෙනවා අර කොල්ල අර කෙල්ලව අත ඇරල කියල.. ඔන්න කෙල්ල අයෙත් පිස්සට ලං වීගෙන එනව... පිස්සට ඉතින් ඔවා ගානක් නෑ. ඌ පිස්සනේ. කෙල්ලටත් කෙලින්න්ම අහන්න බයයි. මෙක  ලංකාවනේ. දවසක් අර පිස්සට හිතෙනව අර කෙල්ලට ආදරේ කරන්න..ඌට හිතෙනවා දැන් පිස්සු කෙලියා ඇති කියල.. මූ ගිහින් අර කෙල්ලගෙන් අහනවා.. වැඩේ කියන්නෙ මෙකි බැ කියනවනෙ. ඔන්න කොල්ල හඩා වටෙනව. කෙල්ල ඒත් බෑ ම කියනවා. 
                                                            ඔන්න දැන් ආයෙත් මුලට යනව..කෙල්ලට අම්ම තාත්ත නෑ වගේ කලයක් තිබුනා.. එතනදි අර පිස්ස ගොඩක් උදව් කරනවා. කෙල්ල පිස්සට තත්තෙ කිව්වෙ නතිටික විතරයි.. ඒත් දැන් කෙල්ල පිස්සත් එක්ක කතා කරන්නෙවත් නෑ..හරි. ලංකාව වගේ සමාජ ක්‍රමයක කාන්තව ගොඩක් ගෞරවය හොයනවා..  ඒක සාමාන්යයි. මොන කෙල්ලත් හිතන් ඉන්නවා ලෝකෙ වටිනාම කෙල්ල එයයි කියල. ඒක මනෝ මූලික කාරණයක්.. හබැයි පිස්ස කියන්නෙ ඔය ක්‍රමයෙ බැහර කරන චරිතයක්. ඌ අත්තටම ආදරය කරනවද? ඌට ආදරය ඕනෙමද? ඌ ආදරය කියල දෙයක් පිලිගන්නවද? මම හිතන්නෙ නෑ...හැබැයි ඌට පාලුව දරාගන්න බෑ.. අන්න එතනදි ඌ කෙල්ලව හොයන්නෙ.. මොකද පිස්සෙකුට තනියම පිස්සු කෙලින්න බෑ.. සමාජය තුල සැඟවී ජීවත් වෙන කෙනෙකුට කිසිවෙක් පිස්සා ලෙස ආමන්ත්‍රණය කරන්නෙ නෑ. ඕක කෙල්ලට තේරෙන්නෙ නෑ...
                                        
                                         කවිය විය නුබ
                                         කාටත් හොරා ලියවී තිබූ පෙම් පතක
                                         විසිකල නිසාවෙන් උරණව
                                         දිරා ගිය මහ පොලව සිපගෙන

                                         ඔරුව විය ඔබ
                                         දෑල දෙපසින් ඉදිවුනා වූ පාලමේ යට
                                         වදින දිය පහරින් දියවී
                                         යනෙන උන් දෙස බලා වැලපෙන
                                                                              

Sunday, February 15, 2015

ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......

මම දන්නෙ නෑ මෙකෙ මොනව ලියන්න ඕනෙද කියල..... එත් හිතෙන ඒව කාටවත් කිව්වෙ නත්තම් පිස්සු හැදෙනවලු, එත් මට හිතෙනව ඒව කිව්වොත් අනිත් උන්ට පිස්සු හැදේ කියල, එක්කෝ උන්ට හිතෙයි මට පිස්සු කියලා...ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......