Saturday, February 28, 2015

ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්/ The other mother

                    කාලෙකට පස්සේ ගමේ ඔහේ අවිදගෙන එනකොට පාලුවට ගිය කෝටි ගානක් වටින ගෙයෙයක් ලඟ හීලෑ නැති හිත ටිකක් නැවතුනා හීලෑ නති එකා හීලෑ කාලේ ඒකිව්වෙ කෝ‍ටුවට දඩුවමට බය කාලේ සෙල්ලම් කරපු. කාපු බීපු තැනක් හින්දා අතීතෙ පොඩ්ඩක් මතක් උනා. අතීතෙ අහක පල කියලා හිතට එන ටික ඔහේ ලියන්න තමාහදන්නේ
                     ආදරය, කසාදය, ලිංගිකත්වය එකිනෙකට පොදු අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැදුනු විශය ප්‍රවාහයන් තුනක්. සතුන්ගෙන් ලිංගික ඉරිශියාව යන මනෝ මූලික කාරණය මිනිසාට තරම් තවකෙකුට ඇති කියල මම දන්න තරමින් හිතන්නේ  නෑ. පිරිමියා වූ කලී එදිරිවදී කම උරුම කරගත්තෙක් නිසා පිරිමින් සතුව  ලිංගික ඉරිශියාව වඩාත් බහුල කාරණයක්. නමුත් ඔව්න් සතුව තරම් අනියම් කාම සෙවනයට තියන නැබුරුව ගැහනුන්ගේ දකින්න අමාරුයි. මම දන්න පුද්ගලයෙක් හිටියා යහමින් තිබුනු කාලයක් තිබුනා. වැඩේ කියන්නෙ මිනිහට එක ගෑනියෙක් නෙමේ තුන හතරක්ම හිටියා.. ඒකත් අපි දන්න විදියට. හබැයි මිනිහා ඒ ගෑනුන්ට සැලකුවා කියලත් ආරන්චියි. හබැයි මම හොදටම දන්න කාරණයක් තිබුනා ඒ කතන්දර ඔක්කෝම එයාගේ බිරිඳ දැනගෙන හිටියා
                               මේ කතාවේ අතුරුකතාවකුත් තියනවා. එක අපි වෙනම කතා කරමූ. කතා කරන්න ඕනෙම මාතෘකාවක් තමා අන්තිමට කිව්වෙ. ගැහැනියක් තමන්ගෙ මිනිහාගෙ වලත්තකම් ඉවසනවා කියන එකේ  මොකක්දෝ අව්ලක් තියනවා. ඇයි අත්තටම එහෙම කරන්නේ. හැමදේම අසික්කිත රාමුව අතුලේ කො‍ටුකරන ගෑනු මේවගෙ දේකට අනේ හොදයි කියන්නෙ ඇයි. ගැහනියක් අසරණයි සමාජය අසල. ලැජ්ජාව, භය, මාතෘත්වය මේ හැමදේම මෙකී කාරණයට බලපානවා ඇති. ආපහු අර කතාවට යමුකෝ.
                        කෝමහරි මනුස්සයගේ ව්‍යාපාර බන්කොලොත් උනා.. අර ගෙවල් දොරවල් පවා විකුනලා යනවා.. මිනිහා වහබොයි කියලා මේ ගෑනි සෑහෙන්න බයවෙනවා. මනුස්සයාගේ තෙලනම් අඩුවෙනවා.. වැඩේ කියන්නේ තියන කාලේ මිනිහා ගෑනිව තබේකට මායිම් කරන්නෙ නෑ. දැන්නම් මිනිහාගේ කටේ තියෙන්නේ "ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්" ඕක කියාගන්න මිනිහට බැදලා අව් රුදු 30ක් විතර ගියා
             
                මගේ සියොලඟ හොරෙන් තැවරුණු
                නාරි වත්සුනු නොදු‍ටු සේ හිඳ
                පහන් ටැබ සේ කිසිත් නොකියා
                නුබේ දෑසම දිලිසුනා

            ශ්‍රියා කත මා උරයේ වඩහුන්
            යුගයේ නුබ අමතක කලා
            මවකසේ නුබ දරා සිටියා
            දෙදෙන දරුවන් නොරිදවා..

                කිතු යසස් මා හැරදමා ගොස්
                මහා කතරක තනිවෙලා
                මගේ පියබඳ නුබම පමනක්
                මවක සේ තනි රකිනවා
                                                         - හීලෑ නැති එකා-

Monday, February 23, 2015

දේශප්‍රේමියාගේ දේශපාලන දැනුම/ Partiot's political knowledge

                           මම පාරේ ඇවිදගෙන එනකොට ලොකු බස් එකක් පුරොලා මිනිස්සු. උන් හිටපු ජනාධිපතිගෙ කොඩි අතේ තියාගෙන කෑ ගහනව.. අව්ලක් නෑ කියමුකෝ. මම හොදට බැලුව බස් එක දිහා අව්දු 50/60ක වයස තියන මිනිස්සු. කොල්ලො කුරුට්ටොත් ඉන්න ඇති. දැක්කෙනම් නෑ. හැබැයි ඒ හැමෝම එකම විදිය.. දැක්කම පේනවා එකම පන්තියක මිනිස්සු බව.. එතන හිටපු මටත් මගෙ යාළුවටත් ඒක මහ විහිලුවක් වගේ උනා.
                          මේක 2005න් වගේ ඇති වූ ප්‍රවණතවක්. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ශ ප්‍රයෝජනයට ගන්නා තුප්පහි ක්‍රමයක්. රු500ටයි බත් එකටයි මිනිස්සු තමන්වම පාවාදීලා. දෙශපාලකයොත් තම පිරිවර පෙන්වමින් තමාගේ හෙලුව වසා ගත්තද මේ රටේ උගත් නැතත් බුද්ධිමත් ජනයා හට  දෙශපාලකයින්ගේ මෝඩකමින් බරවූ අණ්ඩකෝශ රෙද්ද යටින් පේන්න පටන් ගත්තා.. තමන්ව පාවදීපු මිනිස්සුන්ට ඉතිරි වන්නේ ඒ අදාල  දෙශපාලකයාගේ බොරු පවර් එක විතරයි. එය කෙතරම් කෙටිකාලීනද යන්න තීරනය වන්නේ ඒ බොරු පවර් ඇගට ගන්නා හරක් ප්‍රමාණය මතයි.
                          අපේ ගෙවල් ලගත් හිටිය සුපර් මෑන් කෙනෙක්. ගිය ආණ්ඩුව කාලේ මිනිහා තරම් පොරක් ගමේ නෑ. අපිට කරදරයක් නැතත් මිනිහ මහා වීරයා. හැබැයි ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද කියලවත් මිනිහා දන්නෙ නෑ.සමහරු මිනිහව ෆෝම් කලා මහ නගරසභාවටවත් ඉල්ලන්න කියලා.. මේ රටේ මිනිස්සු ඡන්දය පාවිච්චි කලාට ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද  කියලා දන්නෙ නෑ. ඉස්සර ඉදලා මේ රටේ සමාජ අද්්‍යනය, ඉතිහාසය, වගේ විශයන් උගන්නනව.  ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ මොකක්ද කියලා ඒවගේ තියනවද? ඒත් න්‍යශ්ටික පවුල, විස්තෘත පවුල කියන්නෙ මොකක්ද කියලනම් හැමදාම උගන්නනව. ඒකට අපි අද්‍යාපන ක්‍රමය කියලත් කියනවා..

                                                  වෙඩි හඩ නිහඩ උනා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා
                                                  සීයට කාර් ගියා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා
                                                  නැව් එනවා කිව්වා
                                                  ඔබ රජෙක් වගේ දු‍ටුවා

                                                  අපි ණය වෙනවා කිව්වා
                                                  දේශප්‍රේමියෝ උට බැන්නා
                                                  සිසුවෝ හඩ නැගුවා
                                                  මාතලන් බයික් එක හප්ප ගත්ත

                                                 අද දේශප්‍රේමියෝ නෑ
                                                 දින සීයෙ කතන්දර නෑ
                                                 කුඩු වික්කට දඩුවම් නෑ
                                                 තාමත් අව්ලක් නෑ

Monday, February 16, 2015

පිස්සු ආදරය / crazy love


මම මේ කියන්න යන කතාව මුදලාලිලා හම්බ කරන වැලන්ටයින් කලෙට කොහොම ගලපන්නද කියලා නම් දන්නෙ නෑ. එත් ආදර කතාවක්ම තමයි... ඔන්න කොල්ලෙක් හිතනවා එයාට කෙල්ලෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා..ඌත් ඉතින් පොර වගේ රඟනවා, මූ පිස්සෙක් මුට ටික දවසකින් ඕක ගානක් නැතිව යනවා.... මූ කිසිම වගකීමක් ඔලුවට ගන්නෙ නැති එකෙක්. .මූ ඔහොම ඉන්නකොට කෙල්ලට තව කෙනෙක් ලං වෙනවා... මූ ඒත් එක ගනන්ගන්නෙ නෑ..  අයෙ ටික දවසකින් ආරන්චි වෙනවා අර කොල්ල අර කෙල්ලව අත ඇරල කියල.. ඔන්න කෙල්ල අයෙත් පිස්සට ලං වීගෙන එනව... පිස්සට ඉතින් ඔවා ගානක් නෑ. ඌ පිස්සනේ. කෙල්ලටත් කෙලින්න්ම අහන්න බයයි. මෙක  ලංකාවනේ. දවසක් අර පිස්සට හිතෙනව අර කෙල්ලට ආදරේ කරන්න..ඌට හිතෙනවා දැන් පිස්සු කෙලියා ඇති කියල.. මූ ගිහින් අර කෙල්ලගෙන් අහනවා.. වැඩේ කියන්නෙ මෙකි බැ කියනවනෙ. ඔන්න කොල්ල හඩා වටෙනව. කෙල්ල ඒත් බෑ ම කියනවා. 
                                                            ඔන්න දැන් ආයෙත් මුලට යනව..කෙල්ලට අම්ම තාත්ත නෑ වගේ කලයක් තිබුනා.. එතනදි අර පිස්ස ගොඩක් උදව් කරනවා. කෙල්ල පිස්සට තත්තෙ කිව්වෙ නතිටික විතරයි.. ඒත් දැන් කෙල්ල පිස්සත් එක්ක කතා කරන්නෙවත් නෑ..හරි. ලංකාව වගේ සමාජ ක්‍රමයක කාන්තව ගොඩක් ගෞරවය හොයනවා..  ඒක සාමාන්යයි. මොන කෙල්ලත් හිතන් ඉන්නවා ලෝකෙ වටිනාම කෙල්ල එයයි කියල. ඒක මනෝ මූලික කාරණයක්.. හබැයි පිස්ස කියන්නෙ ඔය ක්‍රමයෙ බැහර කරන චරිතයක්. ඌ අත්තටම ආදරය කරනවද? ඌට ආදරය ඕනෙමද? ඌ ආදරය කියල දෙයක් පිලිගන්නවද? මම හිතන්නෙ නෑ...හැබැයි ඌට පාලුව දරාගන්න බෑ.. අන්න එතනදි ඌ කෙල්ලව හොයන්නෙ.. මොකද පිස්සෙකුට තනියම පිස්සු කෙලින්න බෑ.. සමාජය තුල සැඟවී ජීවත් වෙන කෙනෙකුට කිසිවෙක් පිස්සා ලෙස ආමන්ත්‍රණය කරන්නෙ නෑ. ඕක කෙල්ලට තේරෙන්නෙ නෑ...
                                        
                                         කවිය විය නුබ
                                         කාටත් හොරා ලියවී තිබූ පෙම් පතක
                                         විසිකල නිසාවෙන් උරණව
                                         දිරා ගිය මහ පොලව සිපගෙන

                                         ඔරුව විය ඔබ
                                         දෑල දෙපසින් ඉදිවුනා වූ පාලමේ යට
                                         වදින දිය පහරින් දියවී
                                         යනෙන උන් දෙස බලා වැලපෙන
                                                                              

Sunday, February 15, 2015

ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......

මම දන්නෙ නෑ මෙකෙ මොනව ලියන්න ඕනෙද කියල..... එත් හිතෙන ඒව කාටවත් කිව්වෙ නත්තම් පිස්සු හැදෙනවලු, එත් මට හිතෙනව ඒව කිව්වොත් අනිත් උන්ට පිස්සු හැදේ කියල, එක්කෝ උන්ට හිතෙයි මට පිස්සු කියලා...ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......