Friday, June 5, 2015

වේයන්ගොඩ බණ්ඩාරනායක ම.ම.වි, පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය එදා කොල්ලෝ විහිලුවට කිව්වේ වදුරව කැම්පස් කියාය. වෙනත් පාසල් සිසුන් මෙම විද්‍යාලයට කියන්නේ වන මැද සැන්ට්‍රල් කියාය. එදා ඒ තරමටම පාසල හරිතාකරයකි. බස්නාහිර පලාතේ වඩිම ගස් කොලං ප්‍රමාණයකට උරුම කම් කියූ මෙම විද්‍යාලයට වෙනත් පාසැල් සිසුන් පවා "අනේ අපිටත් මෙහෙම පරිසරයක් ඇත්නම්" යැයි වර්ණානා ලැබූ පරිසරයක් එහි තිබූ බව කිව යුතුය. මෙහිදී ඩඩ්ලි සර් ගැනද කිව යුතුය. ඔහු එම පරිසර වාදියාය. සිසුන් ඔහුට "පැලයා" යැයි ඇමතුවේ එබවිනි. එකල සිසුන් පරිසර වේදීන් කලේ ඔහුය. 2002 පාසලට ඇතුලු වූවෝ ඔහුගැන දන්නා අවසන් සිසුන් නොවුනත් ඩඩ්ලි සර් ව හොදින් හදුනා ගත්තේ ඔව්න් පමනි.
      මෙපමණ කාලයක් සිටි විදුහල්පතිවරු එම පරිසරය ‍රැකීමේ මහඟු මෙහෙවරේ උරුමක්කාරයෝ වූහ. නමුත් වත්මන් විදුහල්පති, "ඇස්.ඒ.ඇල්.බී.සිරිමාන්න" මහතාගේ ආගමනය එය වෙනස් කල, අපූරු වන හතුරා ගැන කිව යුතුය. පලමුවෙන් ඔහු කපාදැමුවේ ප්‍රධාන ශාලාව ලඟ තිබූ අඹ ගසය. එදා සිටි සිසුන්ට එය මතක ඇති යැයි විශ්වාශ කරමි.  එදා සිසුන් ඊට විරුද්ධ වීමේදී ඔහු පවසා සිටියේ ඒ ගස ඉතාම පැරණි හා දිරා ගිය බැවින් සිසු ආරක්ශාව පතා එසේ සිදුකල වගයි. ඊට පසු ඇකේශියා ගස් පමණක් කපන බවට ඔහු සිසුන්ට පොරොන්දු විය. මන්ද ඇකේශියා නම් ගස් ලංකා පොලවට හානියක් බැවිනි. සිසුන් පරිසර අරගලය නවතා දැමූ අතර 2011 උසස් පෙල සිසුන් පරිසරය වෙනුවෙන් හඬ නැගූ අවසන් පුරුකද වන්නේය. ඔවුන් පාසැල අතහැර දමා ගොස් වසරකට පසුව දකින්නට හැකිවුනේ ප්‍රදාන ශාලාව ඉදිරිපිට ඉතිරි අඹ ගස්ද කපා කිසිදු හෙවනක් නැති තාල වර්ගයේ ගස් වර්ගයක් සි‍ටුවා ඇති අතර ගෘහවිද්‍යා කාමරය අසල තිබූ විශාල සියබලා ගස් කපා කන්තාරයක් කර ඇති අයුරුය. අද වන උයනක් පාසලට නැත. ජපානෙන් පැමින සැදු ජපන් කැලය අද නැත.

    දැන් සිටිනා සිසුන්ට පරිසරය ගැන වෙටහීමක් නැති අතර. ගසකට අත තබනා විට ඒගැන විචාරන්න තරම් කොන්ද පන නැත. එකල ආදි සිසුන්ටත් ඒ කක්කුම ගිලිහී ගොසිනි. ඩඩ්ලි සර් වලලපු තන් වල දැන් ගසුත් පැලවෙලාය. විදුහල්පති භීතිකාවෙන් ගුරුවරුද නිහඩය. සිසු ඉහමොල රත් වී ඇත ලඟකදී සිසුවියක් සියදිවි නසාගත්තේ එබැවිනි. පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි. හැබැයි විල්පත්තුව ‍රැකීමට පෙලගැසෙන්නෝ බොහෝය.

43 comments:

  1. අනේ කාලේ වනේ විනාසේ !!!!

    ReplyDelete
    Replies
    1. වාසය කරන්න වනයක් නැ

      Delete
  2. ඕකා ෂුවර් එකටම පරිසර දිනේ සමරන්න නෑ. පරිසරයට වෛර කරන එකෙක්නේ ඔහොම බැලුවම.. මේකත් බලපං..
    http://kalahitha.blogspot.com/2015/06/a-seven-billions-dream.html

    ReplyDelete
  3. ඇත්ත කතාව ඉස්සර ඉස්කෝලේ කැලේ පට්ට ... අපරාදේ කියන්න බෑ දැන් නම්... මං නම් A/L වලට ආවේ . අර වන උයන මැදින් පළවෙනිම දවසේ main hall එකට යද්දී පට්ට..... ඊට කලින් පාසල් 3 ක හිටියා. මේවගේ පරිසරයක් තිබ්බේ නෑ කොහෙවත්.

    ගස් වලින් වටවෙච්ච ලස්සන පරිසරයක අකුරු කරන්නට ලැබුණු ඒක කියන්න බැරි තරම් හිතට සනීපයක්...අනේ අපරාදේ ඒ ලස්සන , අලුත් පොඩි උන්ට දකින්න නැති ඒක.

    ලගදි ස්කොලේ පැත්තේ යන්න බැරි උනා.. එත් මේවා ඇහුවම ආයේ යන්න හිත දෙන්නේ නෑ...

    විදුහල්පති තුමනි ,

    "මිහි මවට හිමිවන ඉරණම ම මිහි දරුවාට ද හිමි වේ . මිනිසා ජීවය නම් වියමනහි මැවුම්කරු නොව , හේ එහි රැදෙන්නෙකු පමණි . ඔහු එම වියමනට කුමක් කළ ද එය තමාට ම කරගත්තා සරිය "

    - රතු ඉන්දීය නායක සියැටෙල් ( 1780- 1866 )

    VCC ආදී සිසුවෙක් .

    ReplyDelete
  4. 2011 aiyala wagema apit oka gana prashana kalama hambuna uttare tama akeshiya gas polawata honda nati wima.

    ReplyDelete
    Replies
    1. ඇයි මලේ අර සියබලා මහ ගස් කපනකම් බලාන උන්නේ

      Delete
  5. මේන් හෝල් එක ඉස්සරහ තිබ්බ අඹ ගහයි ගෘහ විද්‍යා කාමරය ළඟ තිබුන සියඹලා ගහ කැපුවා කිව්වම හිත නැවතුනා වගේ දැනුනා.මොන තරම් අතීත මතක සැමරුම් තියෙන ගස් දෙකක්ද?පිනාට ඔල්මාදෙද බං.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියෙ ඌ පිං පියෙක්, ගස් පේන්න බැරි පිස්සෙක්. අර අඹ ගස් ටික දිරල තිබුනෙ නෑ. ඒකට ෆාම් ගස් හිටවන්න කපල.
      ගෘහ විද්‍යාගාරය ගාව සියඹල ගස් තිබුන කියල මතක නෑ. කෘෂිකර්ම කාමරය ලග ගස් දෙකක් තිබුන. ප්‍රසිද්දම ගස් දෙක. පිරිමි නේවාසිකාගාරය පිටුපස සහ ගැහැණු නේවාසිකාගාරය ඉදිරි පස සියඹල ගස් දෙක.

      මොකද කියන්නෙ හැලපෙ අයියෙ , පිනාට ගේම දෙන විදිහ class එකක් කරමුද ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔව් හැලපේ අයියේ, කම්මල අය්යේ අපි ගේමක් දෙමු, අඩුගානේ දවසක්දාලා ඉස්කෝලේ සෙට්වෙලා කතා කරමු

      Delete
  6. කමියගෙ බ්ලොග් එකේ ආඩම්බරෙන් අපේ ඉස්කෝලෙ ගැන කමෙන්ට් එකක් දැම්ම, මේ පෝස්ට් එක දැක්කම ඇගේ මාළු බ්‍රේක් ඩාන්ස් දැම්ම . උඹලත් නොදන්න අතීත කතාව කියන්නම්.
    අපි ඉස්කෝලෙට එනකොට 1986 අක්කර 27 ක ඉඩම කාන්තාරයක්. ගරා වැටිච්ච ගොඩනැගිලි, ළමයි හැමතැනම හදාගත් පාරවල් ,උතුරන වැසිකිලි , කනාටු පොල්ගස්. ඉස්සල්ලම ගස් ටිකට වැඩේ දුන්නෙ සිරිපාල කියල පිනෙක්. 1987 ඒ වෙලාවෙ 6 පංතියේ ඉදන් 12 පංතියයට එනකම් එවුන් එලියට බැහැල මේ වෙනුවෙන් කෑගැහුව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට සිරිමාන්න කියන ගුරුතුමා තමයි මේ පැල හිටවීමේ කාර්‍ය පටන්ගත්තෙ.
    1988 බන්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහලෙන් ස්ථාන මාරුවක් ගෙන පැමිනි අල්විස් කියන විදුහල් පති තුමාගේ සම්ප්‍රාප්තියත් සමග පාසැල සෑම අතින්ම වෙනසකට මුල පිරුව. උඹල එද්දි තිබුන සුන්දර පරිසරයට වගේම පාසැලේ තිබුන සුපිරි පහසුකම් වගේම විනය, එතුමාගේ උත්සාහයේ මල් ඵල දැරීමක්.
    අල්විස් මහතාගේ සමකාලීන ගුරුතුමෙක් වූ ඩඩ්ලි සර් ( පැලයා ) තමයි මේ වන වගාව සහ මල් වගාවේ නියම අයිති කරු. ඔහු විසින් තම ගෙවත්තේ සිටවන ලද පැල දිනපතා පුද්ගලික වියදමෙන් පාසැලට ගෙනෙවිත් පන්ති පුරා බෙදා හැරියා.
    සෑම පන්තියකටම බෙදාදුන් පැල ,( දැන් ඉන්න කාලකන්නි කපා දමන) කාන්තාරයක් වගේ භූමියේ දළු දමා ගන්නට සෙවන ලබාදෙමින් නිවාඩු කාල වලදීත් වතුර දමමින් ,සෝදා යන තැන් වලට වැටි බදිමින් , කොම්පෝස්ට් පෝර දමමින් ඒ දවස් වල ළමයින් කල කැප කිරීම දන්නවනම් වත්මන් පරපුර ආදි සිසුන්ගේ පිහිට නොපතා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.
    මලයා මේ ඇකේශියා ගස පැලකරන්න හේතුව මේකයි . නිසරු පොලොවෙ වේගයෙන් ගසක් වවා එම සෙවනේ වටිනා ගස් වවා ,අකේශියා ගස් ක්‍රමානුකූලව අයින් කරන එක තමයි ප්ලෑන් එක උනේ. නමුත් වේගයෙන් වැඩුනු කැලෑවට ආදරය කල පිරිස් ( අල්විස් ,ඩඩ්ලි ගුරුතූමාලාගෙන් පසුව) මේ ප්ලෑන ක්‍රියාත්මක කලේ නෑ.
    පිනාට දැනෙන්න කවි කොලයක් ගසා, බැරිනම් අහිංසක ලෙස පංති වර්ජනයක් කර, බැරිනම් ඔෆිස් එකට බට්ටො දෙන්නෙක් දමා වත්මන් සිසුන් මෙය ආරක්ශා කල යුතුයි.
    //විදුහල්පති භීතිකාවෙන් ගුරුවරුද නිහඩය.//
    මේදෙයනම් හැමදාමත් තිබුන, හැබැයි මියගිය ආරියරත්න නියෝජ්‍ය විදුහල් පති තුමා ( බ්‍රශා ) ළමයින්ව නියම ලෙස තේරුම් ගත්ත.
    *** ආදි සිසුන් කල දේ බොහෝමයි , කරමින් ඉන්නාදේත් බොහෝමයි. ඇකේශියා ගස් වෙනුවට පැල සිටුවන බවට ආදි සිසු සංගමය වෙනුවෙන් මම පොරොන්දු වෙන්නම්. වත්මන් විදුහල්පති තුමා පාසැල් ඉතිහාසයේ හමු වූ දුර්වලම විදුහල් පතිවරයා බව මතකයේ තබා ගන්න.

    ප.ලි - කෙල්ලන්ගෙ හොස්ටල් එක ලග සියඹල ගහ කැපුවොත් නම් ආදි ශියාවො කඩිනමින් ඇක්ශන් එකක් ගනීවි.

    ReplyDelete
    Replies
    1. ඒක ඉක්මනට කැපුවනන් හරි එ‍තෝට එයලත් එනවනෙ

      Delete
  7. අමතක උනා ඔරොප්පුවටම, අපිට කලින් පිට්ටනියවටේ රෙබරෝසියා ගස් හිටවල ගියපු අයියල තමයි හැලපෙ අයියල.

    ReplyDelete
  8. අත්තටම අයියේ මොකක් හරි ගේමක් අදිමුකෝ, කට්ටිය එකතු කරන්න.... අපි වැඩෙට බහිමු

    ReplyDelete
  9. අයියෝ. හරි අපරාධයක් නෙව..

    ReplyDelete
  10. අපේ ඉස්කෝලේ හැම ගහක් කොළක්ම අපේ මතකයක්. උදේට ඉස්කෝලෙ යනකොට ගේට්ටුව ලඟ ගහේ කහ පාට මල් පිපිලා බිම වැටිලා. පැත්තකින් ප්‍රින්සිපල් හිටගෙන ඉන්නවා. ඉන්ටවල් එකට වන උයන දිගේ අපි ඇවිදන් ගියා. පරිසර නියමු කරන කොට අපි ගස් වලට නම් ලියල බෝඩ් එල්ලන වැඩකුත් කලා පොඩිම කාලෙ. ඉස්කෝලේ තිබුනේ නෑ කියන්න පළතුරක් නෑ. හැම පළතුරක්ම වගේ තිබුනා. අපි පළතුරු කඩන්න ගිහින් ගුටිත් කාල තියනවා. නිවාසාන්තර ක්‍රීඩා තරග තියනකොට ගස් වැල් යට ලොකු පන්තිවල ළමයි මල් කඩපු හැටි මතක් වෙනවා. එහෙම මල් කඩපු අය දැන් බැදලා ළමයි එක්ක පාරෙ තොටේ හමුවෙනවා. වැස්ස දාට a/l පන්ති ගොඩාක් කළුවරයි. මොකද පන්ති වලට එහා පැත්තේ තිබුන වන උයන නිසා. ඉස්කෝලේ ඇරිලා වන උයන දිගේ පාරෙන් අපි දුවගෙන යනවා. ඩඩ්ලි සර් එක්ක ගස් හිටවලා අපිට ගෙදර ගෙනියන්නත් සර් ගස් දීල තියනවා. ඉතාම වටිනා ගස් ජාති සර් හොයන් ඇවිත් ඉස්කෝලේ පැළ කරලා තිබුනා. උදාහරණෙකට කියනවනම් බීරලු වගේ කඳක් තියන් උණ බට ජාතියක් එහෙම වවලා තිබුන ඉස්සර නැටුම් කාමරේ හරියේ.
    කොයි තරම් ලස්සන කාලයක්ද. අපේ ඉස්කෝලෙ කාලෙ හැම මතකයකටම ගස් කොළනුත් සම්බන්ධයි. මටත් දැන ගන්න ලැබුන විදිහට අපිට හෙවණ දුන්න ගස් ගොඩක් අලුත් ප්‍රින්සිපල් කපලා දාලා. කොයි තරම් පරණ ගස් තිබුනත් කිසිදාක මහ වැස්සකටවත් ළමයෙක්ට තියා ගොඩනැගිල්ලකටවත් හානියක් උනා කියලා අපි නම් අහලා නෑ. අපරාධයක්. අර ආදි ශිෂ්‍ය සංගමේ ඉන්න නාකි සෙට් එක එලවලා අලුත් අය පත කරගෙන අලුත් ගමනක් යන්න ඕනෙ කියලා මට හිතෙන්නේ.
    sudesh ruvinda

    ReplyDelete
    Replies
    1. sudesh ruvinda පුතේ නාකි සෙට් එක එලවන්න ඕනෙ නෑ , පුතාල වගේ වගකීම ගන්න කවුරුත් නැති හින්දයි අවුරුදු 39 වෙච්චි සභාපති තුමා තමාගෙ වයාපාර වෙනුවෙන් යොදවන කාලය පාසැල වෙනුවෙන් තාමත් යොදවන්නෙ. පුතාල ඇවිත් ඉදිරිපත් වෙන්න වගකීම් ඉදිරියට ගෙනියන්න.
      පුතාල ඉස්කෝලෙ එනකොට කන්න හැම පළතුරක්ම හිටෙවුවෙ නාකි සෙට් එක තමයි.

      ප.ලි වේයන්ගොඩ ම.ම .වි නාකි සෙට් එක ගැන කිවුවෙ නන්ද දාස කෝදාගොඩ මහත්මය. ඒක පුතාට පස්සෙ දවසක කියන්නම්

      Delete
    2. //ප.ලි වේයන්ගොඩ ම.ම .වි නාකි සෙට් එක ගැන කිවුවෙ නන්ද දාස කෝදාගොඩ මහත්මය. ඒක පුතාට පස්සෙ දවසක කියන්නම්// ප.ලි කියන්නේ මොකක්ද? මොකද්ද නන්දදාස මහත්තය කිව්වෙ..? මම හිතන්නේ අපි ඇන කොටාගෙන හරියන්නේ නෑ..

      Delete
    3. අපිත් කැමති ආයෙත් school එකේ පැල වවන්න.
      අපිත් ඩඩ්ලි සර් එක්ක පැල හිටෙව්වා. අපි කාටවත් දොස් කියන්නේ නෑ වෙලා තියන දේ වෙලා ඉවරයි. ඒ වගේම අපි School එකේ IT සෙමිනා කරන්න එන හැම පාරකම කැම්පස් එකට අනිත් ස්කොල වලින් ආව යාළුවන්ට අපේ ස්කොලේ ගැන මාර පුදුමයි.
      Isuru Sanjaya Wijayabandara

      Delete
  11. ළමයින්ට හොඳට ඉගෙන ගන්න අලංකාර හරිත පරිසරයක් තියෙන එක කොච්චර වැදගත්ද කියල තේරෙන්නේ නැති විදුහල්පති කෙනෙක්.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17238-2015-06-06-16-29-31

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති සර්

      Delete
  12. ප.ලි කියන්නෙ පසුව ලියන වග නම්.
    ඇනකොටා ගැනීමක් අපේ කවදාවත් නෑ මලේ. අපිට තාමත් බැරි 96 පස්සෙ එවුන් OB එකට ගෙන්න ගන්න. 70 / 80 සෙට්එක ගෙන්න ගන්න. සන්තෝශයි මෙහෙමවත් හමුවීම.

    ReplyDelete
    Replies
    1. මම නං කම්මලේ ලංකාවේ ඉන්නවනං නොවැරදීම OB රැස්වීමට එනවා.අපේ පංතියේ මට කාඩ් එකත් OB. මේ ගැන OB එකට දන්වල මොනා හරි කරන්න බැරිද?

      Delete
    2. /70 / 80 සෙට්එක ගෙන්න ගන්න./ මේ අය තමයි තාමත් එන්නෙ ලෙස නිවැරදි විය යුතුය.
      OB එකට අනිවාර්‍යයෙන් දන්වන්නම්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මම මුලින්ම ඉස්කොලෙට ආව කලෙ office ඉදන් hostel එක තියන පාරේ එක තැනකටවත් අව්වක් ව‍ටුනෙ නෑ එ තරමටම ගස් තිබුන.ගුනානන්ද හමුදුරුවො කියන විදියටනන් ඔය ඉස්කොලෙ ඉගෙන ගත්ත එඋන්ට වෙන උන්ට නැති ගතියක් තියනව සැන්ටල් ගතිය කියන්නෙ ඒකට. මේ ගතියට පින්සිද්ද වෙන්න අදටත් ඕන පොරක් ගාව කොන්ද කෙලින් තියන් වැඩ කරන්න challenge කරන්න skill එකක් මට තියෙනව. ඉතින් එහෙම දෙයක් ලබුනේ ඒ දවස් වල තිබුන නිදහස් ඉස්කෝල පරිසරය නිසයි.

    ඒ කාලෙ ගහකට වැවෙන්න නිදහසක් තිබුන හබැයි ගහ කැතට හදෙනවනන් එක ලස්සනට කපල නඩත්තු කලා. දැන්නන් ඉතින් එහෙම නෑ වගේ ගොඩක් ගස් කපල තියන ගස් වලත් අතු කපල landscapeනන් කරල. ඉතින් දැන් ඉස්කොලෙ ඉන්න ළමයිනුත් එ වගෙ තමා. මොකෙක් හරි කියන විදියටම අනාගතෙත් වැඩ කරයි.

    දැන් ඉස්කොලෙ ඉගෙන ගන්න මල්ලිලට නංගිලට කියන්නෙ අපි යන කලෙනන් අපි හොදට period cut කලා වලි දාගත්ත සර්ලගෙන් ගුටි කෑව. උබලටත් උබලගෙම ආතල් ඇති හැබයි එලියෙ ඉදන් උබල දිහා බලන්නෙ අනුකම්පවෙන්

    ReplyDelete
  15. Sarin sare ras wela eka ekage lokukam kiyapannay .. Thawa rate nathi magul walatay thamay adi shishya sangame thiyenne.. Iskoleta wena aparadeta katak arapallako..pappala tika..oya kalakanniyawa gahala elewwanam hari.. Siyambala gasuy amba gasuy kapuwa kiwwama aththatama godak dukay..... Kochchara lassana mathakayan ewath ekka bandila thiyenawada.. Dudley sir apita jiwana kusalatha karaddi ape panthiye lamayinge athin thamay ara prinsiplege quarters paththe kamaranka gas peliya hitewwe.. Mama may deshanayay athin hitewwa kamaranka pale mathaka thiyagena e gaha loku wenawa dakala kochchhara sathutak labuwada.. Apita kalin ape iskole igena gaththa ape thaththalageth mathaka thamay me kalakanni guruwaraya nathi karala thiyenne.. Hodak nam wenna epa kiyala thamay prarthana karanna thiyenne...

    ReplyDelete
  16. විදුහල් පතිපතිනිලාගෙ වැඩනං කියලා වැඩක් නැත. අර සමහර මේසන් බාස්ලා කලිං බාස්ලා හදපු එ්වා කඩලා බිඳලා වෙනස් කරන්නෙ? අන්න ඒ වගේ. ආයතන ප්‍රධානීන් බොහොමයක් ඔහොමයි.

    ReplyDelete
  17. අපේ මිනිසුන්ට ගස් නිකන් වැවෙන නිසා අගයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්ල්ලි දීලා වවන ගස් තමයි ගස්. ඒකට කියන්නේ ලැන්ඩ්ස්කේපින් කියලා

      Delete
  18. අපේ කලින් හිටිය ප්‍රින්සිපලුත් මේන් බිල්ඩින් දෙක අතර තිබුන කොහොඹ ගත් හතරක් කපලා නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගනිද්දි. කාට කියන්නද ඉතින්.

    ReplyDelete
    Replies
    1. අපේ ගස් දෙක තුනක් නෙමේ අයියෙ..

      Delete
  19. හැමදාම වැඩට යනකොට මේ පාසල දකිනවා ඒත් මේ කතන්දර දැනගත්තේ මේ අගනා සටහනින්. දවසක් හැලපේ අයියගේ ගෙදර ගිය අවස්ථාවකත් වෙලේ ඉදන් මේ විදුහල දිහා බලන් අපි ගොඩක් දේ කතා කළා මතකයි. අටමත් හිටියා එදා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූති නලින් අයියෙ... අයේ එතන ඉදන් බලන්න ඒ ලස්සන තියනවද කියලා.. ඒක දැන් කොන්ක්‍රීට් ගොඩක් විතරයි

      Delete
  20. ජූනී 24 වෙනි බදාදා හැමෝම ස්කෝලෙට යමුද? ඔන්න ටිකක් කල් තියනවා. ජොබ් කරන අය නිවාඩු දාගන්න, කැම්පස් වලටත් විභාග එහෙම ඉවර වෙලා ටිකක් නිදහස් වෙවී. හැමෝම එන්න බලන්න තමන් අතින් හිටවපු ගහ තියනවාද බලන්න. facebook නැති අයට කෙසේ වෙත්තත් හැම යාලුවෙකුටම cll කරල කියන්න. බොරු facebook වීරයෝ වෙල විතරක් ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. අපි අපේ වදුරව කැම්පස් එක ‍රැක ගමු. තරාතිරම ලොකුද පොඩිද, ඔය මුකුත් නැතුව වැඩෙට බහිමු. බදාද නිසා පිනත් ඉන්නවා, මොකද කියන්නේ....share කොරන්ඩ හැමෝටම,

    ReplyDelete
  21. //2011 උසස් පෙල සිසුන් පරිසරය වෙනුවෙන් හඬ නැගූ අවසන් පුරුකද වන්නේය. //
    ඔක්කොම හරි මේ කතාවට නම් කිසිසෙත්ම අනුමත කරන්න බෑ.අපි 2014 උසස්පෙල කණ්ඩායම වශයෙන් මේ කැලෑ පාලුවාට එරෙහිව විශාල සටනක් දියත්කලා අප්‍රසිද්ධයේ.කැලෑ පත්තර,කුරුටු ගී හා බුකියේ ෆොටෝ ප්‍රසිද්ධ කරමින් විශාල විරෝධයක් දියත් කලා.විශාල වශයෙන් බලපෑමක් සිදුකිරීමට නොහැකිඋනත් එමගින් විශාල කතිකාවතක් ගොඩනැගුනා පාසල තුල..එවැනි අවස්ථාවක තමයි පිනාගේ සීග්‍ර වන විනාශය යම් තරමකින් හෝ මන්දගාමී උනේ.ඒකට අපේ 2014 බැච් එක සාක්ෂි දරාවි.
    කෙසේ වෙතත් මේ පිලිබදව පල කිරීම පිලිබදව ගොඩාක් ස්තූතිවන්ත‍ වෙනවා මොකද බ්ලොග් ලෝකයේ ප්‍රවීනයෝ ගොඩාක් අපේ ඉස්කෝලෙ කියලා දැනගන්න ලැබුන එකම ලොකු දෙයක්.සටනට අපිත් එක් වෙනවා..බොක්කෙන්ම!!!
    http://maliyagesatahana.blogspot.com

    ReplyDelete
    Replies
    1. එල මලියෝ දැන් මොකක්ද කරන්න පුලුවන් මේ වෙනුවෙන්, 24 එනවද

      Delete
    2. අපි මෙහෙම කරමු.අපේ ඉස්කෝලෙ ඔක්කොම වගේ දැන් බුකියෙ ඉන්නවනේ.අපි ඉවෙන්ට් එකක් හදලා දාමු මේ ගැන.අපිට සෑහෙන ගානක් එකතුකරගන්න පුලුවන් වෙයි.කට්ටිය වැඩි වෙන තරමට අවධානයත් වැඩියි නොවැ.අනික ‍ලොකු සෙට් එකක් එකපාරටම ඉස්කෝලෙ වටලද්දි අමුතු කික් එකක් තියෙනවා.හැබැයි මේකට ලොකු අයියලගෙ සප් එක අනිවා ඕනෙ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. https://www.facebook.com/events/710286215761097/

      Delete
    5. නැ මලියෝ වැටලීමක් කරන්න ඔනෑ නැ, ඕන උනොත් සාමකාමී විරොධතාවක් පවත්වමු....

      Delete