Saturday, March 7, 2015

මගෙ දෝනිට සම්මා සම්බුදු සරණයි



                වෙනදා වගේ මම ගෙදර එන්න ටිකක් ‍රැ වෙලා කො‍ටුවට ආවා. හිතට හයියට වත්කමක් තිබුනෙ නැතත් පුලෙන්ටියක් බොන්න කියලා ටිකක් කඩේකට ගොඩ උනා.. ඒ කඩේ ඇතුලට ආපු ගැටිස්සියක් මාදිහා බලන් උන්න විදියට  හිත ආයෙත් හීලැ නතිවෙන්න ගත්තා. ශරීරයේ හැටියට කිසිම පෝශනයක් නැති ඇගක් බව දැක්කාම කියන්න පුලුවන්. කඩේ වැඩකරන උන්ගේ කුනු කතා මැදම මොනාදෝ අරගත්ත ගමන් ඒ අහින්සකී වාශ්පවුනා. මහා ලොකු ලස්සනක් නැත්තත් විරූපි මූන පුරා වත්සුනු එමට තිබුනා. නොදැන කරපු බියුටි කචල් තොල් ඇස් දැක්කම කියන්න පුලුවන්. මහා වයසක් නැතුව ඇති ඒත් මේ සමාජය ඒකිව ගොඩක් මෝරවලා.
                     "ගණිකාව" මේක ඕනාතරම් කතා කරපු මාතෘකාවක්. කලා කාරයෝ  නිසාම ගනිකාව අනුකම්පාවට පාත්‍රවෙලා තියන චරිතයක්. මමත් ඕකම කතා කරන්න ගියොත් හීලෑ නැති හිතකින් වැඩක් තියනව ඈ.. අපි ඒ අහින්සකීගේ අම්මා ගැන කතාකරමු. ඇත්තටම ඒ අම්මා මේ දුව ගැන දන්නෙ නැද්ද? මොකෝ නොදන්නේ සමාර විට ඒ අම්මත් කරන්න ඇත්තේ මේ රස්සාවමයි. මොනා උනත් ඔය රස්සාව කරන්න පුලුවන් ඇග වැහැරෙනකම් විතරයි නේ. එදා ඉදන් කන්න දෙන්න වෙන්නෙ ඉතින් දරුවන්ටමනේ. ඈ කරපු දේ දරුවෝ නොදැන හිටියා කියන්න බෑ නේ. දරුවෝ කියන්නෙත් ඔය රස්සාවෙන්ම ලබුණු අර්තසාදකම නේ. ඒත් මේ සමජ විකාශනය ආපහු පරණ තැනටමනේ වෙලා තියෙන්නේ. ඒකම නෙමේද මෙතන තියන අව්ල.
හරි අඩු වචන වලින්ම කියන්නම් කෝ

ඉර බැසගෙන යන               යාමේ
පියරු උලා මුනේ                  සමේ
යාන්තමට පේන                  ලැමේ
දුවටම ගැලපෙන                ඇඳුමේ 

පොත් ටික මල්ලිට             ගන්නට
නන්ගිගෙ කණකර            දිස්නෙට
අදවත් ලිප                මොලවන්නට 
මගේ දුවට සරු                වෙන්නට

සුඛෝපභෝගී යානා ඇගෙ බැල්මෙන්                 නවතින්නයි
මහ ලොකු ලස්සනක් නැතත් වටිනාකම           වැඩිවෙන්නයි
පාන්දරම ගෙදර එන්න මගේ දූට හැකි                     වෙන්නයි
ඇඟ විකුනන මගෙ දෝනිට සම්මා සම්බුදු                  සරණයි
                                                                                                   -හීලෑ නැති එකා-

18 comments:

  1. වෙසඟන..... මාත් කතා කරපු මාතෘකාවක්...
    බලන කෙනා අනූව වෙනස් වන චරිතයක්..
    සමහරු සාධාරනීකරනය කරන්න උත්සාහ කරද්දි තවත් අය ගරහනවා...
    කෝම උනත් අපි හැමෝම මිනිස්සු..ඒකයි ඇත්ත

    ReplyDelete
  2. හීලෑ................

    අදයි මේ බ්ලොගයට අාවේ....... අලුතෙන් අැරඹු ඒකක්... සතුටුයි.... අලුත් සාමාජිකයෙක් විතරක් නෙමෙයි මහා නිර්මාණකාරයෙක්............. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ලෝකයට..... ඒක නෙමෙයි වැදගත් ම දේ දිගට ම ලියන ඒකයි.. හැකි හැම වෙලාවක ම ලියන්න... සහෘදයන් ඒකතු කර ගන්න.. මුලදී අමාරු වුණත් ඔබට කල් යද්දි සතුටක් දැනෙයි...... පස්සේ නිර්මාණ වලින් ම හමුවෙමු........

    ජයවේවා..........

    ReplyDelete
    Replies
    1. මහා නිර්මාණකාරයෙක් හැර අනිත් හැම වචනයක්ම බාරගන්නේ බෝම සතුටින්. ආවට ස්තූතියි ඕං

      Delete
  3. කවුරු උනත් ඔය රස්සාව කරන්නේ බඩගින්න නිවාගන්න මිස "සැපක්" ගන්නනම් නෙමෙයි.
    අගෙයි මිත්‍රයා.දිගටම අල්ලගෙන යමු.පොඩ්ඩක් අත් අකුරුවල වින්‍යාසය ගැන ගැන සැලකිළිමත් වියන්.කිවුවට අපෙත් ලිපිවල ඔය වැරද්ද සෑහෙන්න.
    ජය වේවා.....

    ReplyDelete
  4. අත් අකුරු වින්‍යසය කිව්වෙ.......? ආවට ස්තූතියි ඕං

    ReplyDelete
  5. අක්ශර වින්‍යාසය බන්,

    ReplyDelete
  6. අන්තිම කවිය මාර විවෘතයි!
    http://madhumadhavi135.blogspot.com/2015/03/blog-post.html
    ඔන්න උඹට පොඩි ප්‍රචාරයක් දුන්නා. සින්ඩි වලටත් යවහං...

    ReplyDelete
  7. පිහිටක් උනු මදු අයියට සම්මා සම්බුදු සරණයි

    ReplyDelete
  8. // අපි ඒ අහින්සකීගේ අම්මා ගැන කතාකරමු. ඇත්තටම ඒ අම්මා මේ දුව ගැන දන්නෙ නැද්ද? මොකෝ නොදන්නේ සමාර විට ඒ අම්මත් කරන්න ඇත්තේ මේ රස්සාවමයි.///

    මේවත් එක්ක එකඟ වෙන්න නම් බැහැ,, දිගටම ලියන්න ජය වේවා.

    ReplyDelete
  9. ඒත් මම බැලුව අක්ක මොකො කමෙන්ට් නොකලේ කීලා. කොලබ රටේ ඒක එහෙමයි ගොඩක් දුරට

    ReplyDelete
    Replies
    1. ලැප් එක ලගට ආවේ හවස මල්ලි... කොළඹ එහෙම වෙන්ටෑ.

      Delete
  10. කවුරුත් මේ දේට යොමු වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි කියන එක තමයි ඇත්ත.. මොකද ඉතින් ඇඟ විකුණලා සල්ලි හම්බකරන් පොහොසත් වුන අය ලෝකේ කොහේ හරි හිටියත් සල්ලි තියෙන කෙනෙක් මෙතනට ආවා කියලා අපි අහලම නෑ මම හිතන්නේ..

    හොද කවියක් වගේම සටහනක්.. අදයි මේ පැත්තට ගොඩ වුනේ.. දිගටම ලියන්න සුබ පැතුම්..

    ReplyDelete
  11. පාන්දරම ගෙදර එන්න මගේ දූට හැකි වෙන්නයි
    ඇඟ විකුනන මගෙ දෝනිට සම්මා සම්බුදු සරණයි

    අඩෝ මේක නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. උබ ඉතින් අපේ බ්ලොග් වලට එන්නෙ කන්න දෙනව කිව්වොත් විතරනේ

      Delete
    2. කන්ඩනේ බන් ඔක්කෝම කරන්නේ....

      Delete
  12. හ්ම්ම් හිත බර උනා අන්තිම කවියෙන් ගොඩක්...

    ReplyDelete