
මේ කතාවේ අතුරුකතාවකුත් තියනවා. එක අපි වෙනම කතා කරමූ. කතා කරන්න ඕනෙම මාතෘකාවක් තමා අන්තිමට කිව්වෙ. ගැහැනියක් තමන්ගෙ මිනිහාගෙ වලත්තකම් ඉවසනවා කියන එකේ මොකක්දෝ අව්ලක් තියනවා. ඇයි අත්තටම එහෙම කරන්නේ. හැමදේම අසික්කිත රාමුව අතුලේ කොටුකරන ගෑනු මේවගෙ දේකට අනේ හොදයි කියන්නෙ ඇයි. ගැහනියක් අසරණයි සමාජය අසල. ලැජ්ජාව, භය, මාතෘත්වය මේ හැමදේම මෙකී කාරණයට බලපානවා ඇති. ආපහු අර කතාවට යමුකෝ.
කෝමහරි මනුස්සයගේ ව්‍යාපාර බන්කොලොත් උනා.. අර ගෙවල් දොරවල් පවා විකුනලා යනවා.. මිනිහා වහබොයි කියලා මේ ගෑනි සෑහෙන්න බයවෙනවා. මනුස්සයාගේ තෙලනම් අඩුවෙනවා.. වැඩේ කියන්නේ තියන කාලේ මිනිහා ගෑනිව තබේකට මායිම් කරන්නෙ නෑ. දැන්නම් මිනිහාගේ කටේ තියෙන්නේ "ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්" ඕක කියාගන්න මිනිහට බැදලා අව් රුදු 30ක් විතර ගියා
මගේ සියොලඟ හොරෙන් තැවරුණු
නාරි වත්සුනු නොදුටු සේ හිඳ
පහන් ටැබ සේ කිසිත් නොකියා
නුබේ දෑසම දිලිසුනා
ශ්‍රියා කත මා උරයේ වඩහුන්
යුගයේ නුබ අමතක කලා
මවකසේ නුබ දරා සිටියා
දෙදෙන දරුවන් නොරිදවා..
කිතු යසස් මා හැරදමා ගොස්
මහා කතරක තනිවෙලා
මගේ පියබඳ නුබම පමනක්
මවක සේ තනි රකිනවා
- හීලෑ නැති එකා-