විශ්වවිද්‍යාලයේ හවසක කවුරුත් නැති හැන්දෑ යාමයක මල් සුවඳක්
රසවිදින්න බමරු ටිකක් රොක් උනා. කේරලයේ අසූචි ගඳ ඔලුව ඔද්දල් කරන නිසා හැමෝගෙම
කැමැත්ත වුනේ ලන්කාවේ මල් සුවඳට. හා හොඳයි කියලා ඒකත් හොයාගෙන කෙරවලට ගිනිතියලා
පලමු මල් සුවඳ විඳලා. හීනියට ඇහෙන්න කපුගේගෙ සින්දුවක් එකෙක් ෆෝන් එකෙන් දැම්මෙ
කාගේවත් ඉල්ලීමට නෙමේ. පුරුද්දට. මේක ඉතින් කන් හොඳට ඇහෙන වෙලාවක් නිසා කවුරුත්
සද්ද නැතිව ඇස් අඩවන් කර ගත්තා.. හොඳම ඔරිගාමියා හැරෙන්න අනිත් කවුරුත් අතපය හකුලගෙන සින්දුවෙම ජීවත්
වුනා.
කවුරුත් ඒන්නැති කවුරුත්
දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි අයේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපැදුනු ඉන්ද්‍රචාපයේ
උදානොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු.....
සියොලඟ මීදුම් සලු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මීද්දුම් සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු....
“මොකක්ද බන් ඒකෙන් කියන්නෙ.. ලව් සීන් එකක් ද?” ඔන්න එකෙක් සංවාදයට පාර කැපුවා. “නෑ යකෝ ඔකේ තියෙන්නේ කොල්ලෝ ගන්න මල්
ආතල් එකක්, කවුරුත් ඒන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ.. දවසක හමුවෙමු. හමුවී හිනැහෙමු.
හිනැහී
වැලපෙමු. අපි අයේ ”. එක බමරෙක් අනිත් එවුන්ව කොහේදෝ ගිහින් අත
හැරියා.. “අම්මට... ඒ අදහසනම් පහර ඈ...” කොමෙන්ට් ලයික් ගොඩාක් වැටෙන අතරේ
එකෙක් ඒකේ ලව් සීන් එකක් කියලා තර්ක විතර්ක දැම්මා.. කපුගේ
කියන්නෙ
ෆැන්ටසි ආදර ගීත කියපු කෙනෙක් නෙමේ... අනේ මන්දා..එදා මුලු දවසම ආයෙ ආයෙ ඇහුවෙත්
කතාකලෙත් ඒ සින්දුවම විතරයි... රැ නිදාගත්තාම එක බමරෙක් අඩුයි කියලා දැනුනු නිසා
ටිකක් විපරම් කලා. මේකා රැ කරුවලේ වහලයක් උඩ චිත්‍රයක් අඳිනවා... බාගෙට ඉවර කරපු
චිත්‍රය එහේමම තියෙද්දි කොලෙයි පැන්සලයි උදුරගෙන ලියාගෙන ගියා... විශ්වවිද්‍යාලයට
ආපු බමරුන්ගේ ආතල් විතරක් නෙමේ, පොතේ කොල අතහැර මල් සිපගන්න බමරුන්ගේ විභාග භීතිකාවත් හීලැ නැති හිත
ලියාගෙන ගියා
සොභා සොඳුරු සිහිනයක් දකින්නෙමි
කටුකොහොලින් යුත් මගකින් විත්
එතැනට ඇවිදින් වී මල් මත්
සොඳුරු ලොවක් ඇත උපයාගත්
තබලා හනමිටි අදහස් පැත්තක
විතර්ක කෙරුවෙමි හෙට හිරු දක්නට
නුරා විරහ රස හොයමින් නිතරම
වසන්ත වල සැරිසරා වෙහෙසගෙන
කොල අතැහැර මල් පමණක් සිපගෙන
කොහෙදෝ වල්මත් වී ඇත ජිවිත
මෙයදො අර්ථය සොඳුරු සිහිනයක
සරසවි වරමින් දික්කල ජීවිත --හීලෑ නැති එකා--
සුපිරි නැත....මලක් ගසා මත් වී ගන්නා ආතල් එක කුමක්දැයි නොවැටහේ....
ReplyDeleteලව් සීන් එකක් කෙසේ වෙතත් ලව් රෝඩ් එකක් ගැන වෙන්ඩ ඔනේ කියලා තියෙන්නේ...
මොනවා වුනත් නවි ටික නම් පට්ට...
++++++++++++++++++ඒක උබට බාරයි
ReplyDeleteඔව්වා බොන්ඩ එපා මොලයේ සෛයිල මැරෙනවා
ReplyDeleteඅරක්කු බොන්නත් එපා අටං අයියේ
Deleteගීත රචකයින් මල් පාවිච්චිකරන බව අහලා තියෙනවා. මල් ගැන කියවෙන සමහර ගීතවල ඔය කියන මල් ගැන තමා කියවෙන්නෙ. “තණමල්විල මල් පිපුණට...“ එක උදාහරණයක්. ඕවා අපේ රටේ තහනම් වුනාට අපි නොදැන ගොඩක් දෙනා පාවිච්චි කරනවා.
ReplyDeleteමම උත්සහ කලේ ගීතය ගැන කියන්න මල් ගැන කියන්න නෙමේ
Deleteමලක් ගසා ගන්නා ආතල් එක ඉතිං විදලම බලන්න එපායැ නේද බං..
ReplyDeleteමලක් ගහපුවම එක එක ආතල් ගන්නවනෙ මේ වගේ ටිකක් විද්ග්ධ පැත්තට බර සොමියක් ඇහුවමයි
ReplyDeleteහිහි...
සමහරු බකං නිලං ඔහේ ඉන්නව කවුරු හරි ඇවිත් ඇරල ගියත් දන්නෙ නෑ...
සමහරු හොදම පිස්සු නටන්නෙ ඔය වෙලාවට
සමහරු ඔලු පැලෙන ටෝක්ස් දෙනව(පස්සෙ අමතක එක වෙනම දෙයක්)
සමහරු සිංදු කියනව පිස්සු පීකුදු වෙන්න
තවත් උං කෑල්ල ට කතා කරල ඒකිට ලොවෙත් නැති වහුටු ටෝක් දෙනව
සමහරු පරණ කෑලි ගැන කියෝනව(හැබැයි අනික් උං උංගෙ ආතල් කියල දන්නැතිව තනියෙං)
මාර සීන් තමා
විශ්වවිද්‍යාලයේ හවසක කවුරුත් නැති හැන්දෑ යාමයක මල් සුවඳක් රසවිදින්න බමරු ටිකක් රොක් උනා
Deleteකෝ යකූ මගේ කොමෙන්ටුව?
ReplyDeleteඔන්න හීලෑ නැති එකාව බලන්න මාත් ගොඩවුනා :P. අපි නම් ඉතිං අමද්‍යපයි නොවැ :D. දිගටම ලියන් යමු මචං. ජය වේවා!!!
ReplyDeleteඑල මනා අයියේ
Deletesinduwa gena nam adahasak ne bn.et dawasaka hamuwemu..hamu v hinehemu..
ReplyDelete