Tuesday, March 17, 2015

ගොං ම තීරණ වලින් එකක්/ thinking part of bull as me

                                                            හීලෑ නෑති හිතට ටිකක් ඩයරිය බලන්න හිතුනා. ඒක ඇතුලේ තිබිලා කොල පාට කඩදාසියක්  බිම වැ‍ටුනා. ඒක ඇතුලේ තිබුනෙ හීලෑ නැති හිත ඒකාලේ පෙම් හසුනක ලියාපු කයියක්. ඒක බලලා අතීතෙ පැත්තෙ ටිකක් කරක් ගහලා එන්න හිත් පොජ්ජ මන්ද කොලා. මම පෙම් කොලා නේද ඉස්සර කියලා මතක් වෙද්දි හිතට ලැජ්ජත් හිතුනා. ඇත්තටම අපි අපිට ලස්සන නෙමේ ලස්සනයි කියලා සමාජයේ සම්මත කරපු කෙල්ලෙක් දාගත්තාම මාර කට්ටක් කනවා. ටිකක් හිතලා බලන්න මගෙම කෙල්ලව මං ඉස්සරාම වෙන කොල්ලො ටෝක් කරද්දි කොච්චර අව්ල් දකෙල්ලට අව්ලක් යයි කියලා අපි සද්ද නොකර හිටිය කියමුකෝ. සමහර වෙලාවට මොකෙක් හරි අපේම එකෙක් මගෙන්ම ඒකි ගැන අහනවා, ඒකත් ඉවසුවා කියමුකෝ. පාරේ යද්දිත් මොකෙක් හරි පස්සෙන් එනවා කියලා ඒකි කියනවා.

                                                   කෙල්ලොත් මාරම ජාතියක්. උන් මාර කැමතියි තමන් ගේ වටිනාකමක් තියනවා කියලා කොල්ලට කියන්න. එහෙම නැත්තම් කොල්ල තමන්ට කොච්චර ආදරේද කියල ටෙස් කොරලා බලන්න. ඉතින් කියාපි  මොකෙක් හරි පස්සෙන් එනවා කියලා. ගොන් කොල්ලොත් ඉතින් කෙල ගන්නවා, අහක යන නෙලුම් කවි මටත් සෙට් වෙලා තියනවා. ඕක තමයි ඉතින් යොබ්බන මධය කියන්නෙ. ඔය කතාව හරියට තේරුම් කරන්න කියලා තමයි පෙම් හසුනට ඒ කවිය ලිව්වෙ... මොනවා කියනවද, ගත්ත ගොං ම තීරණ වලින් එකක් තමයි ඒ...




මගෙ මල වට රඟ දෙන බමරුන් දැක
හද උසි ගැන්වූ හැඩි දැඩි අත පය
නුවනේ ‍රැහැණින් බැඳ හකුලා ගෙන
සයනේ වැතිරී බලා හිදිමි මම

නුබෙන් මතුව වෙන හිතක් නොපැතු පින
ඇතිබව දන්නා බැවින් බියක් නැත
දනිමිය රොන් ගන්නටනම් බැරිබව
නිබේ සුවඳවත් දෙන්න එපා ළඳ

රඟනා බමරුන් වනසා දැමුමට
බොලඳ පෙම්වතෙකු නොවෙමිය කිසි දින
එනිසා මගෙ මල මගෙ හඳ විල මැද
පමණක් පිපිලා සුවඳ දියන් මට                     -හීලෑ නැති එකා-

16 comments:

  1. එනිසා මගෙ මල මගෙ හඳ විල මැද
    පමණක් පිපිලා සුවඳ දියන් මට

    හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මීට අවුරුද්දකට වැඩිය පරණෛ මේ කවියට ඒකිට ඕක තෙරුනේ නැ නේ අක්කේ

      Delete
  2. දැන් ඉතින් හිත හදාගනින් බං.. සමහර දේවල් තේරුම් කරන්න හරි අමාරුයි..

    ReplyDelete
  3. ලස්සනයි. ඕකිට ඕක යැව්වනං හරිනෙ.
    සමහරවිට මෙන්න මේ ක්‍රමය හරියයි.
    http://hiruvideos.hirufm.lk/videos-watch-563.html

    ReplyDelete
  4. අඩෝ පට්ට බන් ඒක.......
    තේරෙන්ඩ නෙවෙයි බන් සමහර කෙල්ලන්ට කවි කියොගන්ඩත් බෑ...

    ReplyDelete
  5. රූපය කිව්ව එකට එකගයි උංට වෙලාවකට මොළේ කියල නාමයක් නෑ...
    ඒ අස්සෙ හැබැයි අපේ ඔමක්ක බස්සි මදාවි රසිකක්ක අමාලි අක්ක වගේ කවි කෝච්චිත් ඉන්නව ඈ හිහි

    ReplyDelete
  6. අඩෝ පව් බන්, උබ කියනවනම් ඇත්ත වෙන්න ඇති ස්ත්‍රීන් නෙ බන්
    මොනා උනත් රූපෙ, මහේශ්, මදූ, ඔමා, දිනේශ් ගොඩක් ස්තූති මේ පැත්තෙ ආවට

    ReplyDelete
  7. සමහර විට ඒ කෙල්ලට අපි හිතනවට වඩා මොලේ ඇති

    ReplyDelete
    Replies
    1. දැනුයි මටත් ඒක හිතුනේ

      Delete
  8. ගොඩක් කෙල්ලොන්ට ඔය අපබ්‍රංස කවි තේරෙන් නෑ බං...

    ReplyDelete
  9. කෙදිනක හෝ වැටහෙයි ඇයට ආදරය
    කදිම පැදිපෙළ
    හීලෑ නැති එකාට ජය!

    ReplyDelete
  10. කෙල්ලගේ වෙලාව......
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. දන් වගේ ඒ කාලේ අපේ හදවතේ පාට මාරුවෙන්නෙ නෑ

      Delete
  11. ඒ කාලේ ඉදලා ම විසේ තිබිලා නෙවැ

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් ලැජ්ජා කොරනවනේ

      Delete