ගැහැණිය යන මාතෘකාව ගැන කතා කිරීමට
පිරිමියෙකුට අයිතිය තිබේද යන්න මාහට අවබෝධයක් නැත. ගැහැණිය තේරුම් ගැනීම යනු පොතක්
නම් එහි වෙලුම් සංඛ්‍යාව ලොව විශාලම පුස්ථකාලය පිරවීමට තරම් සමත් යැයි මට සිතේ.
දැනට ජීවත් වන බුද්ධිමත්ම මිනිසා වන භෞතික විද්‍යාඥ ස්ටීවන් හොකීන්ස් පවා කියන්නේ
ඔහුට තෙරුම් ගැනීමට අපහසුම දේ ගැහැණිය බවයි. ඉතින් අප ගැන කවර කතාද?.
මගේ හැගීම නම් කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය පරාජය විය යුතුමය. එවිට ඔහු ලෝකය
තේරුම් ගැනීමට උත්සහා දරණවා නියතයි. එහිදී ප්‍රධාන තැන හිමිවන්නේ ගැහනිය නම් උප ප්‍රධාන
මාතෘකාවටය. සෙවීමට ගොස් අතරමං වෙන්නේද ඒ තුලමය. ඉතා අමාරුවෙන් සොයාගත් කාරනා
කිහිපයක් ගැන කතා කිරීමටයි මේ වෑයම. නමුත් එය පහසු කටයුත්තක් නොවේ. ගැහනුන් කිව්වම
විවිදාකාරය. එකෙකුට එකෙක් කිසි සේත්ම සමාන නොවේ. ගැහනුන් නිතරම උත්සහ කරන්නේ
අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට
තරම් හේතුවකි.ඉහත කී කාරණයට එය හොඳ ශාක්ෂියක් ලෙස මා සිතමි. ඒ නිසාම ඔව්න් තුල එක
සමාන අදහස් හා මතිමතාන්තර පිහිටන්නේ කලාතුරකිණි. පිරිමින් තමා ගැන කෙතරම්
අවධානයෙන් ඉන්නේද යන්න ඔව්න්ට වදදෙන අනෙක් ප්‍රබල ගැටලුවක් වෙයි. එසේ සිත්න්නේ
අනිත් ගැහැනුන්ට වඩා තමන් කෙතරම් සුවිශේශද යන්න
පිලිබඳ දැඩි ප්‍රේහේලිකාවක් ඔව්න්ගේ සිතට වදදෙන නිසාවෙනි.
මනෝ විද්‍යාවට අනුව ගැහැනිය අවධානය යොමුකරන්නේ තමාගේ දෙපසටය. පිරිමියෙකුට
සාමාන්යෙන් පේන්නේ අංශක 100 වගේ පටු
පරාසයක් වන අතර ගැහැනියට අංශක180 ටරම් පුලුල් පරසයක් පෙනෙන්නේ යැයි කියයි.
ඔව්න් නැතිවූ දේවල් සෙවිමේදී පිරිමින්ට වඩා දක්ශ වන්නේ එබැවිනි. පිරිමින් තමාගේ
ඉදිරිපස ආරක්ෂා කරන අතර ගැහනිය දෙපස ආරක්ෂා කරයි. පිරිමින්ට තමගේ ශරීරය යාන්තමින්
වත් නොපෙනෙන අතර ගැහනියට එසේ නොවේ. එමනිසා තමාගේ සියොලඟ ගැන පිරිමින්ට වඩා
ගැහැනුන් අවදානෙන් සිටින්නෝ වෙයි. එනිසාම දිලිසෙන දේවල් පැලදීමට ඔව්න් නිතරම උත්සහ
කරති.
බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක් ඇත. මම හිතන්නේ ගැහැනියෙකුට ආශාවන් ප්‍රහීණ
කිරීමේ හැකියාව පිරිමියෙකුට වඩා බොහෝ අඩුය. පිරිමින්ට තරම් අවබෝධයේ හැකියාවත්
අඩුය. පිරිමින් එකම අරමුණක වැඩ කිරීමට දක්ෂ වන අතර ගැහැනියට ඒ හැකියාවද අඩුය.
එමෙන්ම ඉවසීම හා දරාගැනීමේ හැකියාවෙන් ගැහැනිය ඉතා පොහොසත් ය. පිරිමියෙකු කිසිම
ලෙසකින් දරුවෙකු බිහිකිරීමේ වෙදනාව විඳින්නට හිතන්නේවත් නැත. වින්දත් එය දෙවරක්
විදින්නට කොහෙත්ම සූදානමක් නැත. නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව
කිහිපවතාවක් විඳිමට තරම් ශක්තිමත්ය නැතහොත් මෝඩය.
දැන් කියන්නට යන්නේ මගේ සොයාගැනීමයි. ගැහැනු ඔව්න්ටම ආවෙනික වූ සිහින ලොවක ජීවත් වෙති. සෑම
ගැහැනියෙකුම තමන් විසින්ම මවාගත් සිහින කුමාරයෙකුට කුඩාකල සිටම ආදරය කරති. ඔවුන් ඒ
පරිපූර්ණ පිරිමියා සොයමින් මැරෙන තුරුම ජිවත් වෙති. ගැහැනියක් එම සිහිනයෙන් අවදි
වන්නේ ඉතමත් කලාතුරකිනි.
(හීලෑ නැති
එකා)
අපේ අම්ම මට මාර කතාවක් කිව්වනේ වැදූ වේදනාව මතක තියෙන්නේ කොටි දෙනට විතරලු කොටි දෙන පැටව් වදන්නේ එක පාරලු.
ReplyDeleteටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් හා බයිට් ගොඩක් යනවා.. ඒ වගේම සුදු ෆොන්ට් එක බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක මැච් වෙන්නේ නෑ.. පුළුවන්නම් හදපන්. @ අමාරුවෙන් කියවන ගමන්..
ReplyDeleteකළුපාට ශේඩ් එක දැන් ලෝඩ් උනේ. ඒක තියෙනකං ෆොන්ට් කලර් එකේනම් අවුලක් නෑ.
Delete//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක් ඇත// හැක් එහෙම එකක් තියෙනවද? උඹනම් මලේ මේ ගෑනුන්ගෙන් ගුටි කන්න දරන උත්සාහයක් වගේ.. මෙව්වා දැනගත්තත් කවුද බං ප්‍රසිද්ධියේ කියන්නේ?
Deleteපහනේ බූතයෙක් හම්බු උන මිනිහෙක් වරමක් විදිහට ඉල්ලුවලු මැද පෙරදිගට සාමය උදාකරලා දෙන්න කියලා. බූතයා කිව්වලු ඔය පැත්තෙ මිනිස්සු කාන්තාර වල ඉඳලා ඉඳලා ජාන වලින්ම කර්කශ වෙලා තියෙන්නෙ. ඉතිං එහේ සාමය උදාකරන එක මේ කපේදි කරන්න බෑ. වෙන දෙයක් ඉල්ලන්න කියලා. ඒ පාර මිනිහා කිව්වලු එහෙනං මට ගැහැණු හිත තේරුම්ගන්න ක්‍රමේ කියාදෙන්න කියලා. ඒ පාර බූතයා ලෝක සිතියමක් මවලා අහනවලු අර මැද පෙරදිගද මොකද්ද එක තියෙන්නෙ කොයි හරියෙද කියලා.
ReplyDeleteමේ ටෙම්ප්ලේට් එක වෙනස් කරහං සත්තලනේ. කියවන්න හෙන අමාරුයි. සුදු එහෙක කලු අකුරු දාහංකො වස්තුවේ.
අඩුම ගානෙ 8වසරෙදි ලව් කරන්ඩ පටන් ගත්තනම් අවුරුදු 40 විතර වෙද්දි පොඩ්ඩක් තෙරුම්ගන්න පුළුවන්.
ReplyDeleteමං නං හිතන්නේ අවදි නොවෙන තරම් කියලා... ඒකනේ හැමදාම පිරිමින් තුළින් ඒ පිරිමියාව හොය හොය අපිට ම වද දෙන්නේ.......
ReplyDelete1.
ReplyDeleteතමා සෙවීම උතුම් බව බුදුන් වහන්සේ දේශනා කළහ. ඉතින් කුමට ගැහැනිය සොයන්නෙහිද? ගැහැනිය මැවූයේ මිනිසාගේ ඉළ ඇටයකින් බව යම් ආගම් පවසනව . ඒ කෙසේ වෙතත් කලලයට සියලු අවශ්‍යතා සපුරන මවම දරුව තරුණයා හා මිනිසාගේ සියළු ඕනෑ එපා කම් සපුරණ ඉතිරි භාගය බව මම තරයේ විශ්වාෂ කරමි.
2. ආදී කාලයේ මෙන්ම සාහිත්‍ය ලෝකයේ කිරුළු දරන්නේ පිරිමියා නිසා මෙවන් ගැරහීම කෙනිහිලි ගැහැනියට කරතත් .......මිනිසත් බවේ ප්‍රතිමූර්තිය ඇයයි.
+++ ස්වභාවික උපතක ලත් කිසිම අයෙකුට ( නල දරු උපතක් ලත් අයෙකු හැර ) මෙයට විරුද්ධවිය නොහැකිය
3.
පිරිමියාට ලොව ඇති අනර්ඝම වස්තුව, ( ගැහැනිය නොවේ නම්...) ඔහු තව දුරටත් පිරිමියෙකු වේදැයි සාදාරණ සැකයකි.තම මවට ගරහන අයෙකු ගැන මොනවා කියන්නටද?
//නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව කිහිපවතාවක් විඳිමට තරම් ශක්තිමත්ය නැතහොත් මෝඩය.//
ReplyDelete//ගැහැනු ඔව්න්ටම ආවෙනික වූ සිහින ලොවක ජීවත් වෙති. සෑම ගැහැනියෙකුම තමන් විසින්ම මවාගත් සිහින කුමාරයෙකුට කුඩාකල සිටම ආදරය කරති. ඔවුන් ඒ පරිපූර්ණ පිරිමියා සොයමින් මැරෙන තුරුම ජිවත් වෙති. ගැහැනියක් එම සිහිනයෙන් අවදි වන්නේ ඉතමත් කලාතුරකිනි.//
අප්පද බොල මේකට ගිය කල.ඈ මලේ උඹ කොහොමද මේ කළණේලාට වත් බැරි උන දේ ඔය තරම් ඉක්මනින් අඩුවයසෙන් හොයාගත්තෙ..................?
//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක් ඇත//
ReplyDeleteඈ කොහේද බොල එහෙව් එකක් තියෙන්නේ...කියපන් හරියටම අසවල් වග්ග පාලියේ අසවල් පිටකයේ අසවල් සුත්‍ර දේශනාවේ කියල (දත් මිටි කමින් ) අම්මප මේකා ළඟ පාතක හිටියේ නැත්තේ උගේ හොඳටද මගෙ හොඳට ද මන්ද...හුහ් බස්සී ඕමා ඉක්මනට ආවනම් හොඳා මේ ඉසව්වට.
ඉසෝ ඉසෝ... (වැරදුනා) ..උසී උසී...
Delete(අප්පද බොල දිලාට තද වෙලා තියන තරං... මේ, ගියපාර එකට අපිට උත්තර නෑ... අපි වලියට එන්නෙ නැතිව වර්ජනය කොරනවා. එතකොට කොරගනිල්ලකො තනියෙං)
දැට්ස් මයි බෝයි කිව්වලු... මමත් මේකෙන් එක නිගමනේකට ආව. බය නැතුව පෝස්ට් එකකින් ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගේම ඉල්ලන්න ගෑනියෙකුට නං ලොවෙත්ම බෑ...
ReplyDeleteඋඹට මේ ළඟකදී තඩි බූට් එකක් හම්බවෙලා ඒකෙ කේන්තිය යන්න දැම්ම නේද මේ පෝස්ට් එක? :P
ReplyDeleteහොඳයි හොඳයි බං. කාලෙකින් කාන්තා උද්ගෝෂණයක් බලාගන්න බැරි උනා :D. විශේෂයෙන්ම සයිබරය හරහා හෙ හෙ.
ජය වේවා එහෙනම්!!!
මේකත් කාන්තාවන් ගැන හැමදාම ලියවෙන සම්ප්‍රදායික ගනයේ ලිපියක් විතරයි
ReplyDelete\\ගැහනුන් නිතරම උත්සහ කරන්නේ අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට තරම් හේතුවකි.\\
මේක කාන්තාව දෙස සම්ප්‍රදායික ඇසින් බලන්නන්ගේ විකාරයක් විතරයි. ඇඳුම ගැන උනන්දු වෙමින් ඒගැන වද වෙවී පිරිමින්ගේ අවධානය දිනාගන්න සිහින මවන්නේ සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පමණයි ඔවුන්ට පිරිමින් තමන් වෙත අද්දා ගැනීම වැදගත් උනාට නූතන කාන්තාවට එය වැදගත් නෑ. නූතන කාන්තාවන් පිරිමින්ට ඕනෑම ආකාරයකින් අභියෝග එල්ල කළහැකි එඩිතර ඒ වගේම පුරුෂාධිපත්‍යට යටත් නැති පිරිසක්. ඔවුන්ට පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරාලීමටවත් ඇඳුම් ගැන වද වීමටවත් අවශ්‍ය නෑ. ඔවුන් පිරිමින්ගේ කාමාශාවල් තුට්ටුවටවත් ගනන් නොගන්නා බුද්ධිමත් එඩිතර නිර්භය පිරිසක් බව මතක තියාගන්න.
හා දැන් වනිතාට අනුව කාන්තාවන් පිරිමින් එක්ක ලිංගික ඇසුර පවත්වන එකද ගැටළුව? අප්පේ බුද්ධිමත් නූතන කාන්තාවට පිරිමියා එක්ක ලිංගික ඇසුර අකැප ඇති නේද වනිතා.
Delete//පිරිමින්ගේ කාමාශාවල් තුට්ටුවටවත් ගනන් නොගන්නා බුද්ධිමත් එඩිතර නිර්භය පිරිසක්//
Deleteඔය වටෙන් කියන්නෙ වනිතා ලෙස්බියන් කියල වෙන්න ඇති.
මේ අරුම පුදුම වනිතාවට පිරිමි අරහං වගේ. මෙයාගේ බලාපොරොත්තු සඵල වෙන්න ලෝක ස්වභාවයම කනපිට පෙරලන්න වෙයි වගේ.
Deletehoyala wedak neti dewal hoyanda epa.niwanata yaddi geniwat dala yanda wenawa!
ReplyDelete